රතන හිමිගේ 'වීරයා' 12දා කරලියට ! Featured

Published in පුවත්
Monday, 10 November 2014 09:03

ඒකාධිපති බලය අහෝසි කරන ජන බලවේගය බදාදා (12 ) 3.00 ට ආරම්භ වන බවත්, එහිදී මතුවන වීරයකු හරහා මෙම ක්‍රමය වෙනස්‌ කිරීමට සූදානම් බවත් 'පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාවේ' නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියහ.

විධායක ජනාධිපති ක්‍රමය හරහා මේ රට දෙවතාවක්‌ භීෂණයට ලක්‌වූ බවත් ඒකාධිපති ජනපති බලතල අහෝසි කිරීමට ඒකමතික එකඟතාවක්‌ ඇති වී ඇති බවත් පැවසූහ.

මෙම ජනතා බලවේගයට පක්‍ෂ, විපක්‍ෂ සියලු බලවේග ඒකරාශීවනු ඇතැයි ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මෙන්ම පක්‍ෂ ගණනාවකම පිරිස්‌ එකතු වනු ඇතැයි ද විශ්වාසය පළ කළහ.

ජන අරගලය මැදින් රටේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන රැළිය, ජාතික රැළියක්‌ වනු ඇතැයි ද ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන වීරයා එහිදී බිහිවෙයි කියන විශ්වාසය ඇතැයි ද රතන හිමියෝ පැවසූහ.

පක්‍ෂ පාට, ආගම්, ජාති, බේදවලින් තොරව සියලු බලවේගවලට මීට සහභාගි වන ලෙස දන්වා ඇතැයි ද එක්‌වන පිරිස එක්‌ නොවන පිරිස 12 වැනිදා ජනතාවට බලාගැනීමට හැකිවනු ඇතැයිද උන්වහන්සේ කියා සිටියහ.

තනි ඒකාධිපතියෙක්‌ හරහා සියල්ල තීරණය වීම වෙනුවට එය පරාජය කරන වීරයා මේ වේදිකාවේදී බිහිවනු ඇතැයි විශ්වාස කරන බවද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

කොළඹ 07, ධර්මායතනයේ ඊයේ (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්‌වෙමින් උන්වහන්සේ එම කාරනා පැවසූහ.

'සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ද මෙම අවස්ථාවේ අදහස් දැක්වුහ.


පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාවේ විධායක සභික බන්දුල චන්ද්‍රසේකර මහතාද මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්‌ව සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us