ඉන්දු - ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තරගයට විශේෂ ආරක්‍ෂාවක්

Published in පුවත්
Sunday, 09 November 2014 11:18
ඉන්දීය දෙමළ ක‍්‍රියාකාරී කණ්ඩායම් කිහිපයක් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට සුදානම් වේ.එම ඉල්ලීම නම් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවේ දී ක‍්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙසය.
තමිල්නාඩු ක‍්‍රිකට් සංගමය හරහා ඔවුන් මෙම ඉල්ලීම සිදු කිරීමට සුදානම් වන බව ද හින්දු පුවත්පත සඳහන් කළේය. දෙමළ තරුණ සහ ශිෂ්‍ය සම්මේලනය ඇතුළු කණ්ඩායම් 03ක් මෙලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට විරෝධය පළ කර ඇත. ඔවුන් ඉල්ලීම් කර ඇත්තේ හයිද්‍රාබාද් හී රජිව් ගාන්ධි ක‍්‍රීඩාංගණයේ අද පැවැත්වෙන තුන්වැනි ක‍්‍රිකට් තරගය සහ ඉතිරි තරග දෙක නවතා දමන ලෙස ය.
 
ඉන්දීය ධීවරයින් පස් දෙනකුට ඉකුත් දා ශ‍්‍රී ලංකාවේ දී ලබාදුන් මරණ දඩුවමට එරෙහිව මෙම කණ්ඩායම් එම ඉල්ලීම සිදුකර ඇති බව ද හින්දු පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි. 
 
 
මෙම තත්වය හේතුවෙන් අද සවස පැවැත්වෙන ඉන්දු - ශ‍්‍රී ලංකා තුන්වැනි එක්දින ක‍්‍රිකට් තරගයට විශේෂ ආරක්‍ෂාවක්් යෙදවීමට එරට ආරක්ෂක අංශ  පියවර ගෙන ඇත. ඒ අනුව තරගයේ ආරක්ෂාව සඳහා 1500ක පොලිස් බලඇණියක් යෙදවීමට නියමිතය.
 
 
තරගය නැරඹිමට රජිව් ගාන්ධි ක‍්‍රීඩාංගණයට පැමිණෙන පුද්ගලයින්ට ගමන්මලූ, ජංගම දුරකථන, දුම්වැටි, බැනර් සහ ජල බෝතල් ද  රැුගෙන ඒම තහනම් කර ඇත. 
 
ක‍්‍රිඩාංගණය අවට ආරක්‍ෂිත කැමරා 56ක් සවිකර ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේය. 
 
 
 
 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us