ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ එකසිය විසි නවය, එක වගන්තියට අනූව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදාළ විමසීම සිදු කර ඇ.
ඊට අදාළව ලිඛිත කරුණු ඉදිරිපත් කරන ලෙස ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව ගණනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා විසින් දැනුම් දී තිබුණේය.
මේ වන විට ලිඛිත ප‍්‍රකාශ පනහකට ආසන්න ප‍්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලැබී ඇති අතර අදාළ කරුණු සියල්ල විමසා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප‍්‍රකාශ කිරීමට නියමිතය.