අතුරුදන්වූවන් සෙවීමට ඉන්දියාවේ උදව්.

Published in පුවත්
Thursday, 30 October 2014 10:53

හල්දුම්මුල්ල - මීරියබැද්ද ප‍්‍රදේශයේ නායයෑමෙන් විපතට පත්වූවන්ට සහන සැළසීම සඳහා ඉන්දියාව සම්පූර්ණ සහය ලබාදීමට තීරණය කර අැත. මෙරට ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා විදේශ අමාත්‍ය ආචාර්ය ජී.එල්. පීරිස් වෙත දන්වා ඇත්තේ ඒ සඳහා අවශ්‍ය කරන සියලූම සහය ලබාදීමට සූදානම් බවය.

ඊයේ (29) පස්වරුවේ තාවකාලිකව නතර කෙරුණු එම මෙහෙයුම් කටයුතු මේ වනවිට නැවත ආරම්භ කර අැත. මධ්‍යම පළාත් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා සඳහන් කළේ ප‍්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව නොතකා අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවය. ඒ සඳහා 200 ක අමතර භට පිරිසක්ද යොදවා තිබේ.  
 
නායයෑම් හේතුවෙන් අතුරුදන්වූ පුද්ගලයන් 10 දෙනෙකුගේ සිරුරු මේ වනවිට හමුවී අැත. ඊයේ උදෑසන සිදුවූ නායයෑමෙන් පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් අතුරුදන්වී ඇති බව ජාතික ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය.
 
මේ අතර, කොස්ලන්ද දෙමළ මහා විද්‍යාලයේ සහ පූනාගල අංක එක විද්‍යාලය සහන කඳවුරු ලෙස නම් කර ඇති අතර ඒවායේ මේ වනවිට පුද්ගලයින් 800 කට වැඩි පිරිසක් රඳවා සිටින බව ජාතික ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය. ඒ අතර ළමයින් 300 කට වැඩි පිරිසක් සිටී. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us