ලංකාවේ ස්ත්‍රී පුරුෂ භාවයේ පරතරය වැඩියි

Published in පුවත්
Wednesday, 29 October 2014 12:25
ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ පරතරයේ දර්ශකයට අනුව 2014 වසරේදී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 79 වැනි ස්ථානයයි. රටවල් 142ක් අතරිනි.
මේ අතර, ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ පරතරයේ දර්ශකය 2005 වසරේ සිට සමස්තයක් ලෙස පුළුල් වූ රටවල් 6ක් පමණක් දක්වා ඇති අතර, එයට  ශ්‍රී ලංකාවද අයත් ය.
 
එහි සෙසු රටවල් අතර, මාලි, ක්‍රොඒෂියා, මැසඩෝනියා, ජෝර්දාන් සහ ටියුනීසියා යන රටවල් වෙති.
 
මෙහිදී විශේෂයෙන්ම දේශපාලනය කෙරෙහි ශ්‍රී ලංකාවේ කාන්තා දායකත්වය අතිශය පහළ අගයක් ගන්නා අතර , අමාත්‍ය මණ්ඩලය සලකා බැලීමේදීද කාන්තා දායකත්වය ඉතා අවම බව එම දර්ශකය පෙන්වා දෙයි.
 
ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ පරතරයේ දර්ශකයට අනුව ඒහි ප්‍රථම ස්ථානය මෙවරත් අයිස්ලන්තය විසින් දිනාගෙන ඇත , එහි අවසානයට ඇත්තේ යේමනයයි.
 
ලෝක ආර්ථික සංසදය විසින් රටවල් 142 ක ආර්ථිකය, සෞඛ්‍යය, අධ්‍යාපනය හා දේශපාලන සහභාගීත්වය යන කාරණා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින් මෙම දර්ශකය සකසා අැත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us