'යුද්ධය දිනෙව්වේ මහින්ද නොවේ :ෆොන්සේකා'

Published in පුවත්
Wednesday, 29 October 2014 09:56

යුද්ධය ජය ගැනීම සඳහා දිවි හිමියෙන් කටයුතු කලේ සරත් ෆොන්සේකා මහතා බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බලයට පත්වූ දා සිට ජනතාව වෙනුවෙන් කිසිදු සේවයක් නොකල බවත් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එජාප නායකයා මෙසේ සඳහන් කලේ ඊයේ පස්වරුවේ කොළඹ හයිඩ් පිටියේ පැවති එම පක්‍ෂ ඡන්දපොළ මට්ටමින් පත්කළ සංවිධායකවරුන් 12,000කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාව අමතමිනි.

ෆොන්සේකාගේ ඡන්ද අයිතියද අහිමි කරමින් ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීම වෙනුවෙන් ද්‍රෝහියා සහ වීරයා තෝරාගන්නා කතාවක් ප්‍රචාරය කරන බවද ඔහු සඳහන් කලේය.

දළදා මාලිගාවට බෝම්බ ගැසූ, භික්‍ෂූණ් වහන්සේලා ඝාතනය කළ අයටද ඡන්ද අයිතිය දීම තුළින් ද්‍රෝහියා සහ වීරයා කවුදැයි රටටම හෙලි වී ඇතැයිද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ආණ්ඩුව ජනාධිපතිවරණයේදී රාජ්‍ය බලය යොදාගතහොත් ඊට එරෙහිව ජනබලය යොදාගෙන ජයග‍්‍රහණය කරා ගමන් කළ යුතු බවත් පැවසූ ඔහු ඡන්දපොල මට්ටමින් සංවිධානය වී මැතිවරණය ජයග‍්‍රහණය කළ යුතු බවද කියා සිටියේය.


ෆොන්සේකාට සාධාරණය ඉටුකරනවා' -කරු


යුධ ජයග්‍රහණයේ සැබෑ වීරයා වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට රාජපක්ෂ ආණ්ඩුවෙන් සිදුකල සියලු දඬුවම්, එජාප ජනාධිපතිවරයකු බලයට පත්වී පැය 72ක් ඇතුලතදී ආහොසි කරන බව මෙම රැලිය ඇමතු එජාප නායකත්ව මණ්ඩල සාමාජික කරු ජයසුරිය මහතා අවධාරණය කළේය.

'' යුධ ජයග්‍රහණයේ සැබෑ වීරයා වෙච්ච සරත් ෆොන්සේකා මහත්තයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා, ඡන්ද අයිතිය අහෝසි කරලා, එතුමට ඡන්දය දාන්න බැරි තැනට අද පත්කරලා තියෙනවා. ඒ වුනාට මේ රටට විරුද්ධව යුද්ධය මෙහෙයවපු, දළදා මාළිගාවට ගහන්න බෝම්බ එවපු කේපීට ඡන්ද අයිතිය දීලා තියෙනවා. මොකද, කේපී ඡන්දය දෙන්නේ වෙන කාටවත් නෙවෙයි මහින්ද රාජපක්ෂට. ෆොන්සේකා මහත්තයාගෙ ඡන්දය මහින්ද රාජපක්ෂට ලැබෙන්නේ නෑනේ. මෙන්න මහින්දගේ සාමජ සාධාරණයේ තරම.

මහින්ද රාජපක්ෂ විසින් ඒ අන්ත අසාධාරණ විදිහට සමාජය ඉදිරියේ අමු අමුවේ චරිතය ඝාතනය කරලා දාපු රටේ යුද වීරයා වූ සරත් ෆොන්සේකා මහත්තයට, අපි ඊළඟ ජනාධිපතිවරණයෙන් එජාප අපේක්ෂකයා ජයගෙන පැය 72ක් ඇතුලත කරන්න පුළුවන් උපරිම සාධාරණය ඉටුකරලා ඉතිහාසයේ වරද නිවැරදි කරන බවට ප්‍රකාශ කරනවා.'' යයි ජයසුරිය මහතා වැඩිදුරටත් පැවසිය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us