ඔහු මෙම අදහස් පළ කලේ ඊයේ පස්වරුවේ කොළඹ හයිඞ් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන රැළියේදීය.
එක්සත් ජාතික පක්ෂ පාලනයක් බිහි කිරීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයේදී ඉඩ ලැබෙනු ඇති බවටද සජිත් පේ‍්‍රමදාස මහතා විශ්වාසය පළ කළේය.
මෙම දැවැන්ත ජන රැලිය සංවිධානය කරනු ලැබුවේ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතාය.
එහිදී රැලිය ඇමතු එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඕනෑම අභියෝගයකට මුහුණදී එය ජයගැනීමට තමන් සහ පක්ෂය සූදානමින් සිටින බව අවධාරණය කර සිටියේය.
සිය පක්ෂය ජයග්‍රහණය අබියසට පැමිණ සිටින බව සඳහන් කල එක්සත් ජාතික පක්ෂ නායකවරයා, එක්සත් ජාතික පාක්ෂිකයින් දුක්විඳි යුගය නිමා කිරීමට කාලය එළැඹ ඇති බවද මෙහිදී සඳහන් කළේය.