මැර බලයට මුහුණදීමට 'මාධ්‍ය ජාලයක් Featured

Published in පුවත්
Friday, 17 October 2014 09:39

අභියෝගවලට මුහුණදෙමින් ගවේෂණාත්මක මාධ්‍යකරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා 'ගවේෂණාත්මක මාධ්‍ය ජාලය' නමින් සංවිධානයක් ස්ථාපිත කර තිබේ. 

ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ පුහුණු වැඩසටහනකට සහභාගී වූ ජනමාධ්‍යවේදීන් පිරිසකට සහතිකපත් ඛෙදාදීමේ උත්සවයක් සහ සුහද හමුවක් 15 වැනිදා උදේ 10.00ට කොළඹදී සංවිධානය කර තිබියදී ඊට එල්ලවූ තර්ජන සැලකිල්ලට ගෙන, අනාගතයේ එවැනි අභියෝගයන්ට මුහුණදීම සඳහා  මෙම සංවිධානය පිහිටුවාගත් බව ගවේෂණාත්මක මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන්, ජනූර් කිචිලාන්  හා මංගලනාත් ලියනාරචිචි යන    මාධ්‍යවේදීන් දෙදෙනාගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක දැක්වේ. 

එම නිවේදනය පහත පළවේ.                                           


'' ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ පුහුණු වැඩසටහනකට සහභාගී වූ ජනමාධ්‍යවේදීන් පිරිසකට සහතිකපත් ඛෙදාදීමේ උත්සවයක් සහ සුහද හමුවක් 15 වැනිදා උදේ 10.00ට කොළඹදී පැවැත්වීමට නියමිතව තිබියදී, එය නොපවත්වන ලෙසත්, ඊට සහභාගී වන්නන්ට පහරදෙන බවට හා මරාදමන බවටත් සංවිධානාත්මක පිරිසකගෙන් එල්ල වූ තර්ජන පිළිබදව ඊට ඇරයුම් ලැබූ හා එම තර්ජනවලට ලක් වූ මාධ්‍යවේදීන් වන අපි බලවත් කම්පනයට පත්ව සිටිමු. 


ජනතාවට තොරතුරු ලබාදීමේ සුවිශේෂ ජාතික මෙහෙවරක නිරත මාධ්‍යවේදින් වන අපට මරණ තර්ජනවලින් තොරව අපගේ වෘත්තියට අදාළ පුහුණු වැඩසටහනක සහතික ප්‍රදානෝත්සවයකට සහභාගී වීමට හෝ නොහැකි තරම් දරුණු මර්දනකාරී හා භීෂණකාරී වාතාවරණයක් රට තුළ ඇති වී තිබීම ගැන අප තුළ ඇති කරන්නේ තියුණු කණස්සල්ලකි. 


'රට රැකගත් දේශප්‍රේමී බලකාය' නම් ඊනියා සංවිධානයක මුවාවෙන් මේ තර්ජන එල්ල කළද, මෙම වැඩසටහනට දින නියම වූ තැන් පටන් සිදුවූ ක්‍රියාදාමය නිරීක්ෂණය කරන විට, අපට ඉතා පැහැදිලිව පෙනී යන්නේ, එයට රාජ්‍ය තන්ත්‍රයේ සහාය හිමිව ඇති බවයි. 


ආරක්ෂක බුද්ධි අංශවලට සම්බන්ධ අය විසින් පසුගිය 13වැනිදා සිට මෙම වැඩසටහනට සම්බන්ධ  මාධ්‍යවේදීන්ගෙන් ඒ පිළිබඳව විවිධාකාරයෙන් විමසා තිබූ අතර, 14 වැනිදා සවස්වරුවේ සිට උත්සවය නොපවත්වන ලෙස හා ඊට සහභාගී නොවන ලෙස දුරකථන ඔස්සේ තර්ජනය කිරීම ආරම්භ විය.


ඔක්තෝබර් 14 වැනිදා සවස 0756245489 දුරකථන අංකය ඔස්සේ මෙම වැඩසටහනට පහසුකම් සැපයූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ නිලධාරීන්ටත්, මෙම පුහුණු වැඩසටහනේ පුහුණුකරුවකු වූ ජයසිරි ජයසේකර මහතාටත් සහභාගිකයන් වන ජනූර් කිචිලාන්, අමදෝරු අමරජීව යන මාධ්‍යවේදීන්ටත් මරණ තර්ජන එල්ල කෙරුණු අතර එදින රාත්‍රියේ 0725436266 දුරකථන අංකය ඔස්සේ එම පිරිසට හා සහභාගී වීමට නියමිතව සිටි මාධ්‍යවේදීන්ට 'රට බේරාගත් දේශප්‍රේමී බලකාය' නමින් තර්ජනාත්මක එස්එම්එස් පණිවුයක් එවනු ලැබිණි. අදාළ උත්සවය අවලංගු බවත්, එය එල්ටීටීඊ රැස්වීමක් බවත්, ඊට සහභාගී වන්නන්ට පහර දෙන බවත් එහි සඳහන් විය.


එදිනම (14) වැනිදා රාත්‍රියේ සහ පසුදා උදෑසන උත්සවය සඳහා කොළඹට පැමිණෙමින් සිටි මාධ්‍යවේදීන්ට දුරකථන ඔස්සේ දිගින් දිගටම තර්ජන එල්ල විය. 


ඔක්තෝබර් 15වැනිදා උදෑසන 10.00ට පමණ උත්සවය පැවැත්වීමට නියමිත හෝටලයට අංක තහඩු නැති යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් ''අවසන් නිවේදනය'' යැයි තර්ජනාත්මක පණිවුඩයක් සහිත පාර්සලයක් විසි කර ගියේ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් බලා සිටියදීය. 


මෙම වාතාවරණය මත අදාළ උත්සවය වෙනත් ස්ථානයක පැවැත්වීමට සංවිධායකයන්ට සිදු වූ අතර, උත්සවය පැවැත්වෙමින් තිබියදී එහි සංවිධායකයන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන අංකවලට 0112 438359 දරන ස්ථාපිත දුරකථන අංකය ඔස්සේ කතාකළ පුද්ගලයකු උත්සවය පැවැත්වෙන ස්ථානය පවසන ලෙස බල කරමින් 'කී දේ නෑසූ බැවින් ඔවුන් මරා දමන බවට'තර්ජනය කළේය.


මේ අන්දමින් කටයුතු කිරීමට සාමාන්‍ය පුද්ගලයන්ට හෝ කණ්ඩායමකට හැකි වෙතැයි සිතීමට තරම් අපි බොළඳ නොවෙමු. 


මෙය ආණ්ඩුවේ අනුදැනුම මත, ආරක්ෂක අංශවලට සම්බන්ධ පුද්ගලයින් විසින් දියත්කරන ලද නීති විරෝධී ක්‍රියාදාමයක් බව අපගේ විශ්වාසයයි. 


රට තුළ දරුණු යුද්ධයක් පැවැති වකවානුවේදී වත්, ආරක්ෂක අංශ ජනමාධ්‍යවේදීන් පසුපස මේ අන්දමින් හඹා යාමක් හෝ ඔවුන්ගේ කටයුතුවලට මේ අන්දමින් බාධා කිරීමක් නොවූ බව දිගු කාලීන වෘත්තීය අත්දැකීම් ඇති අපි හොඳාකාරවම දනිමු. 


ජනමාධ්‍යවේදීන් ලෙසත් පුරවැසියන් ලෙසත් රටේ නීතියට හා මාධ්‍ය ආචාරධර්මවලට ඉහළින්ම ගරු කරන අපි, තරයේම කියා සිටින්නේ, මෙබඳු අවනීතියක්, එය කෙතරම් බලවත් පාර්ශ්වයක් විසින් මෙහෙයවනු ලැබූවද පිළිගැනීමට සූදානම් නැති බවයි. 


මේ රටේ සිදුවන සියලූ ආකාරවල නීති විරෝධී ක්‍රියා හෙළිදරව් කිරීමට මෙන්ම ජාතික ආරක්ෂාව වෙනුවෙන්ද ඉමහත් සේවයක් ඉටු කර ඇති අපට එල්ටීටීඊ ලේබලය ඇළවීම බලවත් අපහාසයකි. 


හැකි නම් එළිපිට ඒ චෝදනාව අප වෙත එල්ල කරන්නැයි මේ බියගුළු පාර්ශ්වවලට අපි අභියෝග කරමු. 


මෙම තත්ත්වය ජනමාධ්‍යවේදීන් ලෙස අපට එල්ල වූ තර්ජනයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසටත්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලටත් එල්ල වූ බරපතළ තර්ජනයක් බව අවධාරණය කරන අපි, මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කොට මෙම තර්ජන සිදු කළ පුද්ගලයන් හා ඔවුන් පිටුපස සිටින බලවේගවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් සහ ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.


ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රි ලංකා ආයතනය, ගවේෂණාත්මක මාධ්‍යවේදය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඉකුත් සමය තුළ ඵලදායී වැඩ කොටසක් ඉටු කළ අතර, දිගින් දිගටම එල්ලවන තර්ජන හා බාධාකිරීම් හමුවේ එම ආයතනය මාධ්‍යවේදීන්ගේ පුහුණු වැඩසටහන්වලින් ඉවත් වන තත්ත්වයක් උද්ගත වී තිබේ. මෙය අපගේ වෘත්තිය තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට තිබූ අවස්ථා අහිමි කිරීමකි.


මෙම වාතාවරණය හමුවේ, එල්ල වී ඇති අභියෝගවලට මුහුණදෙමින් ගවේෂණාත්මක මාධ්‍යකරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා සංවිධානයක් පිහිටුවාගත යුතු බව, තර්ජන මධ්‍යයේ පැවැති රැස්වීමට සහභාගී වූ සියලූම මාධ්‍යවේදීන්ගේ ඒකමතික අදහස විය. 


ඒ අනුව 'ගවේෂණාත්මක මාධ්‍ය ජාලය' බිහිකර ගැනීමට අප ඊයේ සමත් වූ අතර, අප එය දකින්නේ මෙම අඳුරු වළාව තුළින් මතු වූ රිදී රේඛාවක් ලෙසය.  

ජනමාධ්‍යයටත්, ජනතාවගේ අදහස් පළකිරීමේ නිදහස, තොරතුරු දැනගැනීමේ නිදහස, රැස්වීමේ හා සංවිධානය වීමේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් තරයේ පෙනී සිටීමට අප තුළ ඇති අධිෂ්ඨානය මේ භීෂණකාරී හා නින්දාසහගත බාධාකිරීම නිසා වඩාත් කුළුගැන්වුණු බව අප ප්‍රකාශ කරන්නේ දැඩි ආත්ම විශ්වාසයෙනි.


ජනමාධ්‍ය නිදහස ඇහිරීම යනු, සමාජය අන්ධකාරයේ තැබීමක් බව අවධාරණය කරන අපි, ජනමාධ්‍යයට එරෙහිව සිදුකරන සියලූ ආකාරයේ බාධාකිරීම්වලට එරෙහිව හඬ නගන ලෙස මේ රටේ යුක්තිගරුක සියලූ පුරවැසියන්ගෙන් ඉතා සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us