සජින් වාස්ට SMS ගැසූ කතිචර්යවරයා රිමාන්ඩ්

Published in පුවත්
Tuesday, 14 October 2014 10:21

පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතාට SMS  පණිවුඩ මඟින් මරණීය තර්ජන එල්ල කළ බවට සැකපිට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රංගජීව විමලසේන මහතා ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙළේය. 

දුමින්ද ලෙශාන් පෙරේරා නමැති කථිකාචාර්යවරයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.


සැකකාර කථිකාචාර්යවරයා විසින් තම ජංගම දුරකතනයෙන් SMS  පණිවුඩ යවමින් සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රිවරයාට තර්ජන එල්ල කළ බවට ඔහු විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නදීශා ප්‍රනාන්දු සහ රංගිකා අරංගල යන නීතිඥවරුන් කරුණු දක්වමින් සැකකරු මානසික රෝගයකින් පෙළෙන අයකු බවත් ඔහු මේ රෝගයට ප්‍රතිකාර ලබාගෙන ඇති බවට පවුලේ සාමාජිකයන් විසින් තමන්ට උපදෙස් ලබාදී ඇති බවත් පවසා සිටියහ.

එම කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස බන්ධනාගාරයට නියෝග කෙළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us