'13+ දෙන්නේ නැහැ' -රනිල් Featured

Published in පුවත්
Tuesday, 14 October 2014 10:14

මේ රටේ බලය බෙදා තිබෙන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වන අතර, එම ව්‍යවස්ථාවෙන් අකුරක්වත් පිට යන්න එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍යතාවයක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. 

විධායක ජනාධිපතිකම අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන අග්‍රාමාත්‍යවරයකු සහ කැබිනට් මණ්ඩලයකින් යුතු පාලන ක්‍රමයක් රටේ වහාම ඇති කළ යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ ජාතික මහ සම්මේලනය 2013 දී ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බවත්, ඒ නව පාලන ක්‍රමය ජනතා පරමාධිපත්‍ය මත පදනම් විය යුතුය යන්න එක්සත් ජාතික පක්‍ෂයේ පැහැදිලි ස්ථාවරය බවත් ඔහු පෙන්වා දෙයි. 


ඊයේ (13) දින කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී ජන සෙත පෙරමුණේ නායක සහ ප්‍රධාන ලේකම් බත්තරමුල්ලේ සීලරතන හිමියන් හමුවී සාකච්ජා කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්, ඔහු එසේ සඳහන් කළේය.

ඒ අනුව මේ ඉලක්කය ජය ගැනීම සඳහා පොදු වැඩපිළිවෙළක් ගොඩනගා ගැනීම වෙනුවෙන් සර්වාගමික නායකයින් දේශපාලන පක්‍ෂ සහ සිවිල් සංවිධාන ඇතුළු සමාජයේ සියලූ පාර්ශ්වයන් සමග කරුණු සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇතැයි ද හෙතෙම පැවසිය.


එජාප නායකයා තවදුරටත් මෙසේද කියා සිටියේය.


'' විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. මනාප ක්‍රමය අහෝසි කිරීම. 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර ස්වාධීන කොමිෂන් සභා යළි බල ගන්වා ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සාමය තහවුරු කිරීම ආදී කරුණු කාරණා සම්බන්ධයෙන් අප සියලූ පාර්ශ්වයන් පොදු එකඟතාවයකට වහාම පැමිණිය යුතුව තිබෙනවා.


එවැනි පොදු එකඟතාවයකට පැමිණියාට පසුව දෙවැනුව අප කළ යුත්තේ ඒ පොදු එකඟතාවය අනුව ඒ වැඩකටයුතු සියල්ල ඉදිරියට ගෙන යන්න පොදු අපේක්‍ෂකයකුට අප සියලූදෙනාගේම සහයෝගය ලබාදීමයි.


මේ මොහොත වන විටත් ඒ සාකච්ඡා පවත්වමින් සිටින අතර, ජන සෙත පෙරමුණ සහ අපේ බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ සමග අප සාකච්ඡා ආරම්භ කළා. මේ සාකච්ඡාවේදී තවත් වැදගත් කරුණු කාරණා රැසක් මතු වූ බව කිව යුතුයි.


13න් පිට යන්නේ නැහැ :



මේ රටේ බලය බෙදා තිබෙන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වන අතර, එම ව්‍යවස්ථාවෙන් අකුරක්වත් පිට යන්න එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. මේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව අප ඒ ඒ දේශපාලන පක්‍ෂ සමග කතා කළ යුතුයි.


ඒ මන්ද උතුරු පළාතේ ජනතාවට තිබෙන්නේ සබරගමුව පළාතේ ජනතාවට තිබෙන ප්‍රශ්න නොවන අතර, ඒ ප්‍රශ්න එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් බව කිව යුතුයි. සියලූ ජාතීන්ට සහ සියලූ ආගමිකයින්ට අප එක සමානව සැලකිය යුතුයි. උතුරේ නීතිය දකුණටත්, දකුණේ නීතිය උතුරුටත් එක අයුරින් ක්‍රියාත්මක විය යුතුයි.


එසේ නොමැතිව උතුරට එක නීතියක් ක්‍රියාත්මක කර දකුණට තවත් නීතියක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ආරක්‍ෂක කටයුතු, නීතිය සහ සාමය, රජයේ සේවය ආදිය සම්බන්ධයෙන් එක ප්‍රතිපත්තියක් මත මුළු රටම ඉදිරියට ගෙන යා යුතුයි.


එමෙන්ම රටේ දිළිඳුකම ගැන මෙහිදී අප කරුණු සාකච්ඡා කළ අතර, දිළිඳුකම පිටු දැක රට සංවර්ධනය කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයට තිබෙන වැඩ පිළිවෙළ ගැන මම ජන සෙත පෙරමුණට පැහැදිලි කළා. සමහර පවුල් සඳහා වැඩිපුර ආධාර සහ උපකාර ලබා දිය යුතු අතර, දේශපාලනයෙන් තොරව ඒ වැඩකටයුතු අප කළ යුතුයි.



ගෞරවණිය විදේශ ප්‍රතිපත්තියක් :


එමෙන්ම ඉන්දියාව, පකිස්ථානය, චීනය, ජපානය සහ බටහිර ලෝකයේ රටවල් ඇතුළු සියලූ රටවල් සමග හොඳ මිත්‍රත්වයකින් යුතුව සිටීමට හැකි දියුණු විදේශ ප්‍රතිපත්තියක් අපට තිබිය යුතුයි. මේ එක රටක් සමග සිටිමින් ඒ රටයි තවත් රටකුයි හැප්පීම නොකළ යුතුයි. ඒ මන්ද අලි සටන් කරන විට පයට පෑගී දුක් විදින්නේ ලොකු සත්තු නොව කුඩා සතුන් වන නිසයි.


බටහිර වෙළෙඳපොළට පිවිසීමට අප කටයුතු කළ යුතුව තිබෙන අතර, මැදපෙරදිග යන කාන්තාවන් නියම ගෞරවයක් සහ ආරක්‍ෂාවක් ඇතිව ඒ රටවලට යැවිය යුතුයි. මෙවැනි කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් ජන සෙත පෙරමුණ සමග සාකච්ඡා කළ අප ඉදිරියේදීත් හමුවී තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කළා. ''



එහිදී අදහස් දැක්වූ ජනසෙත පෙරමුණේ නායක සහ මහලේකම් බත්තරමුල්ලේ සීලරතන හිමියෝ මෙසේ පැවසූහ.



විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම ඇතුළු කරුණු 10 ක් මත ජන සෙත පෙරමුණ එක්සත් ජාතික පක්‍ෂයත් එම පක්‍ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාත් සමග නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කළා.


විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සලසා ඇති ප්‍රතිපාදන ප්‍රයෝජනයට ගන්නේ කෙසේද යන්න පිළිබඳව මේ සාකච්ඡාවේදී අප එතුමාගෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසුවා.


එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා අප ඉදිරිපත් කළ කරුණු කාරණා සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඉතාම පැහැදිලිව ජන සෙත පෙරමුණට කරුණු දක්වා සිටියා.


දිළිඳු ජනතාව නඟාසිටුවීම


රටේ දිළිඳු ජනතාව නඟාසිටුවීම සඳහා ඉදිරි එක්සත් ජාතික පක්‍ෂ පාලනයක් යටතේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී අප එතුමාගෙන් කරුණු විමසූ අතර, දිළිඳුකම පිටුදැකීම සඳහා සිය පාලනය යටතේ අනුගමනය කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද එතුමා අපට කරුණු පැහැදිලි කළා.


බුද්ධ ශාසනය පෝෂණය කර රැකගැනීම සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා සමග අප කරුණු සාකච්ඡා කළා. විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලයේදී බුද්ධ ශාසනයේ දියුණුවට විශාල වැඩ කොටසක් කළා අපට මතකයි. බුද්ධ ශාසනය පෝෂණය කර රැකගැනීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ පාලනයක් යටතේ ක්‍රියාත්මක කිරීමට යන වැඩ සටහන ගැන ද එතුමා අපට විස්තර කළා.


පොදු අපේක්‍ෂකයා



එමෙන්ම ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කිරීමට යන පොදු අපේක්‍ෂකයා සම්බන්ධයෙන් ද අප එතුමා සමග දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් සියලූ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන සමග සාකච්ඡා කරමින් සිටින බව ද පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඒ කවුරුන් ද, ඒ කෙසේ ද යන්න පිළිබඳ කරුණු කාරණා සම්බන්ධයෙන් අවසන් නිගමනයකට තවමත් පැමිණ නොමැති බවද එතුමා සඳහන් කළා.


 ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නිසි පිළිතුරක් එතුමා අපට ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.


දෙමළ සහ මුස්ලිම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ද අප සාකච්ඡා කළ අතර, ඒ සම්බන්ධ එතුමාගේ ස්ථාවරය වූයේ සමාන අයිතිවාසිකම් ඇතුව සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලූ ජාතීන්ට මේ රටේ ගෞරවාන්විතව ජීවත්වීමට අවස්ථාව තිබිය යුතු බවයි. ජාති සහ ආගම් බේදයෙන් තොරව සියලූ දෙනාටම මේ රටේ එකට ජීවත්වීමට හැකියාව සහ අවස්ථාව තිබිය යුතු යැයි එතුමා මේ සාකච්ඡාවේදී අවධාරණය කළා.


13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය


රටේ පළාත් බෙදීම සම්බන්ධයෙන් ද මෙහිදී අපේ අවධානය යොමු වූ අතර, විශේෂයෙන් උතුරු පළාත සහ නැගෙනහිර පළාත ගැන අප කතා කළා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට අකුරක්වත් ගෙන යන්න ජන සෙත පෙරමුණ කිසිදු සූදානමක් ඇත්තේ නැහැ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් එක්සත් ජාතික පක්‍ෂය සමග කරුණු සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වනවා.


ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග අප කළ සාකච්ඡාව ඉතාම සාර්ථකයි. ඉදිරි ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට සහයෝගයදීම සම්බන්ධයෙන් අපේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණයක් ගෙන ඒ ගැන රටට සහ ජනතාවට දැනුම්දීමට අප කටයුතු කරනවා. 

rrrunnamed

rrunnamed

runnamed

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us