නීතීඥයා යළි ඉගෙන ගන්න නීතී විද්‍යාලයට යවලා

Published in පුවත්
Thursday, 02 October 2014 10:06

කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ අවුරුදු විස්සක් පමණ නීතීඥ වෘත්තියේ යෙදී සිටි නීතීඥවරයකුට ආපසු නීතී විද්‍යාලයට ගොස් නීතීඥ වෘත්තියේ ආචාර ධර්ම ඉගෙන ගන්නා ලෙස අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පසුගියදා නියම කළේය.

එම නීතීඥවරයාට ආචාර ධර්ම පාඩම යළි උගන්වන ලෙස නීතී විද්‍යාලයේ විදුහල්පතිවරයාට නියම කෙරිණි. ඒ සඳහා මාස තුනක් කල් දෙනු ලැබිණි.

සේවා දායකයකුගෙන් මුදල් ලබා ගෙන නඩුවට පෙනී නොසිටියේ යැයි මෙම නීතිඥවරයාට එරෙහිව එම සේවා දායකයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.

නීතිඥවරයාට දැඩි ලෙස අවවාද කළ අගවිනිසුරුවරයා නීතිඥ වෘත්තියේ ගෞරවය රැකීමට වගබලා ගත යුතු යැයි සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us