එජාප මන්ත්‍රීවරු හිරබත් කති

Published in පුවත්
Thursday, 02 October 2014 09:58

එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ ඊයේ (01 දා) මහර බන්ධනාගාරය නිරීක්‍ෂණය කිරීම සඳහා ගවේෂණ චාරිකාවක නිරත වූ අතර එම මන්ත්‍රී පිරිස පැය තුනක පමණ කාලයක්‌ එම බන්ධනාගාරයේ අඩුපාඩු සොයා බැලූ අතර ඔවුහු සිරකරුවන්ට ලබාදෙන බත් වේලක රසද බැලූහ.

අජිත් පී. පෙරේරා, ඉරාන් වික්‍රමරත්න,රුවන් විඡේවර්ධන, ආර්. යෝගරාජන්, නලින් බණ්‌ඩාර යන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම චාරිකාවට එක්‌වූහ.

මන්ත්‍රී පිරිස ප්‍රථමයෙන් මහර බන්ධනාගාරයට ගොස්‌ වැඩබලන බන්ධනාගාර කොමසාරිස්‌ උපුල්දෙනිය සහ බන්ධනාගාර නිලධාරීන් පිරිසක්‌ හමුවී අනතුරුව එහි තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බැලූහ.


මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂක නිලධාරීන්ට සහ මාධ්‍යවේදීන්ට ඔවුන් සමඟ බන්ධනාගාරයට ඇතුළුවීමට අවසර ලැබුණේ නැත.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම බන්ධනාගාරයේ භෞතික තත්ත්වය සොයා බැලූ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.

මහර බන්ධනාගාරය තුළ සිරකරුවන්ගේ දැඩි තදබදයක්‌ තිබෙන බවත් "සිරකරුවෝද මනුෂ්‍යයෝ" යෑයි සඳහන් කළත් එය බෝඩ් ලෑල්ලකට පමණක්‌ සීමාවී ඇති බවත් හෙතෙම කීය.

සිරකරුවකු එක්‌ මැදිරියක රැඳවිය යුතු වූවත් පවතින තදබදය නිසා සිරකරුවන් හතර පස්‌දෙනා එකම සිරකූඩුවක රඳවා ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා ඔවුන් ඉතාම අඩුපහසුකම් යටතේ ඉතා අසීරුවෙන් ඒවා තුළ සිටින බවද කියා සිටියේය.

තමා ඇතුළු මන්ත්‍රී පිරිස එහි ගිය විට සිරකරුවන් ඉතා යහපත් ප්‍රතිචාර දැක්‌වූ බවත් බොහෝදෙනා පැමිණ මන්ත්‍රීවරුන් සමඟ සුහදව කතා කොට බන්ධනාගාරයේ අඩුපාඩුකම් විස්‌තර කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු පිළිබඳව තමා ඇතුළු පිරිස කරුණු එක්‌රැස්‌ කර ගත් බවත් ඒ සම්බන්ධව ඉදිරියේදී වාර්තාවක්‌ සකසන බවත් ඉරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.

මහර බන්ධනාගාරයේ අඩුපාඩු සොයා බැලීමේ නිරීක්‍ෂණ චාරිකාවක ඊයේ (1දා) නිරත වූ අජිත් පී. පෙරේරා, ආර්. යෝගරාජන්, එරාන් වික්‍රමරත්න, නලින් බණ්‌ඩාර සහ රුවන් විඡේවර්ධන යන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි අයුරු ඡායාරූපයේ.

ඡායාරූප - නිමල් දයාරත්න

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us