පොලිස් පහර කෑ කාන්තාව මානව හිමිකම් යයි(Video)

Published in පුවත්
Thursday, 02 October 2014 08:33

රත්නපුරයේදී පොලිස් නිලධාරියෙකුගේ පහරකෑමට ලක්වූ බට්ටි නැමැති කාන්තාව තමාට වූ අසාධාරණය සම්බන්ධයෙන් අද (01) මානව හිමිකම් කොමිසම හමුවට පැමිණිලි කළාය.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ක්‍රියාකාරී දායකත්වය ලබාදුන් මිනිස් අවකාශයක් සදහා වූ සාමූහිකය සදහන් කොට සිටියේ කාන්තාවන්ට හිරිහැර කොට තම තුච්ඡ ලිංගික ආශාවන් සන්තර්පනය කොට ගන්නා පොලිස් නිලධාරීන්ට මේ හරහා පණිවුඩයක් ලබාදෙන බවයි.

එහි කැදවුම්කරු නීතිඥ උදුල් ප්‍රේමරත්න මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සදහන් කර සිටියේ මෙම කාන්තාව ඉතා දුප්පත් බැවින් රැකියාවක් කළ නොහැකි තැන මෙවැනි තත්වයකට ඇද වැටී ඇති බවත් එම අසරණ කාන්තාවට බලපෑම් කොට තම ලිංගික කාර්යය ඉටුකර ගැනීමට පොලිස් නිලධාරීයා බලපෑම් කළ අවස්ථාවේ එය සාර්ථක නොවූ තැන මෙවැනි පහරදීමක් සිදුකළ බවත් පොලීස් නිලධාරීන් තම බලය යොදවා මෙවැනි අසරණ ජනතාව බිල්ලට ගැනීම සාමාන්‍ය කරණයක් බවට පත්ව ඇති බවයි

කෙසේ නමුත් මෙවැනි තත්වයන්හිදී අසරණ කාන්තාවන්ට සාධාරණය ඉටු කිරීම සදහා තම සංවිධානය ඉදිරිපත්ව ඇය මානව හිමිකම් කොමිසම හමුවට කැදවාගෙන ආ බවත් සදහන් කළාය.

එමෙන්ම පොලිස්පති ඇතුළු නිලධාරීන් දෙදෙනකුගෙන් රු. කෝටි 5ක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බවද ඇය පවසා තිබේ.
ඒ ඊයේ(01) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ඡායාරූප නිශාන්ත ප්‍රියදර්ශන

Batti2Batti3

Last modified on Thursday, 02 October 2014 08:50

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us