ඇමරිකාවෙන් ගෙන්වන මෙම පාදය සඳහා රුපියල් ලක්ෂ 10 ක් පමණ මුදලක් වැය වන අතර ඒ මහතාගේ පාදයේ තුවාල සුව වීම නිසා මේ වන විට මැහුම් කපා ඇත.
නැවත දේශපාලන කටයුතු මේ මස 20 වැනිදායින් අරඹන බව කී මාන්නප්පෙරුම මහතා අය වැය විවාදයට කිහිලිකරුවෙන් හෝ රෝද පුටුවෙන් හෝ සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද සඳහන් කළේය.