ඒ, අනුව ප්‍රතිකාර ලබා ගැනීමට දරුවන් රැගෙන එන දෙමාපියන් සහ භාරකරුවන් වෙත විශේෂ දැනුම්දීමක් එම රෝහලේ පාලනාධිකාරිය විසින් සිදුකරයි.
ප්‍රතිකාර ලබා සඳහා දරුවන් රැගෙන ඒමේ දී පහත දක්වා ඇති ලේඛනවල සඳහන් ලියකියවිලි ද දරුවා සමඟ රැගෙන පැමිණෙන ලෙසට දැනුම් දෙයි.
පුද්ගල සෞඛ්‍ය අංකය (PHN) / බාර් කෝඩ් කාඩ්පත
ළමා සෞඛ්‍ය හා සංවර්ධන සටහන් පොත /බර සටහන් කරන පොත
ඖෂධ / ආහාර අසාත්මිකතා පිළිබඳ විස්තර
සායනික සටහන් පොත්
රෝහලෙන් පිටවීමේ කාඩ්පත් / රෝග විනිශ්චය කාඩ්පත්

