ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවය 28% කට වඩා අඩුවී ඇත

Published in පුවත්
Tuesday, 18 August 2026 09:50

අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 28 කට වඩා අඩුවී ඇත.

පවතින වියළි කාලගුණික තත්ත්වය සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 23 ක් දක්වාද, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 25.9 ක් දක්වාද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවල සමස්ථ ජල ධාරිතාවය සියයට 27.8 ක් දක්වාද අඩුවී තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් පැවැසීය.

අම්පාර දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 46.4 ක් දක්වාද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 41.3 ක් දක්වාද, මන්නාරම දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ජලාශවල සමස්ථ ජල ධාරිතාවය සියයට 36.7 ක් දක්වාද අඩුවී ඇත.කෙසේ නමුත්, ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 64 ක (64%) මට්ටමක පවතින බව මහවැලි අධිකාරිය සඳහන් කරයි.

බෝවතැන්න ජලාශයේ හැර අනෙකුත් මහවැලි ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 50 කට වඩා වැඩි අගයක පවතින්නේ. බෝවතැන්න ජලාශයේ සමස්ත ජල ධාරිතාවය සියයට 23 ක් දක්වා අඩුවී තිබේ. වික්ටෝරියා ජලාශයේ සමස්ත ජල ධාරිතාවය සියයට 70 ක මට්ටමක පවතින අතර, රන්දෙණිගල ජලාශයේ සමස්ථ ජල ධාරිතාවය සියයට 54 කි. කොත්මලේ ජලාශයේ සමස්ත ජල ධාරිතාවය සියයට 90 ක් වන අතර, ඉහළ කොත්මලේ ජලාශයේ සමස්ත ජල ධාරිතාවය සියයට 78 කි.කාසල්රී, මාඋස්සාකැලේ යන විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 89 ත් 93 ත් අතර මට්ටමක පවතින්නේය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (18 වැනිදා) දිනයේදී වැසි ඇතිවේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us