පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මඟින් පැවැත්වූ මෙම රැළියට සියළු පීඨ නියෝජනය කරමින් සිසුන් විශාල ප්‍රමාණයක් සහභාගි විය. මෙම අවස්ථාවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික ද සහභාගි විය.
කළමනාකරණ පීඨය වහා ස්ථාපිත කරන ලෙස බලකරමින් ආරම්භ කල අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 41ක් ගත වී ඇතත් තවමත් ඒ සදහා විසදුමක් දීමට උත්සහ ගෙන නොමැත.