ඩෙංගු වලින් ආරක්ෂා වීමට පාසැල් ළමුන්ට අත් පා අවර්ණ ඇදුම් ඇදීමට අවසර

Published in පුවත්
Monday, 13 July 2026 09:21

මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

පාසල් ළමුන් අතර පැතිර යන ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් සියලු පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඉදිරියේදී ඒ පිළිබදව උපදෙස් නිල වශයෙන් දැනුම් දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර, නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ශක භාවිත කිරීමට ද සිසුන් දැනුම්වත් කරන ලෙස අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබේ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us