ඩෙංගු නිසා වසා දැමුණු සෞන්දර්ය විශ්ව විද්‍යාලය අද සිට නැවත ඇරඹේ

Published in පුවත්
Monday, 13 July 2026 09:16

ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (13) සිට යළි ආරම්භ වේ.

ඩෙංගු සහ වෛරස් උණ රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම විශ්ව විද්‍යාලය පසුගිය 2 වැනිදා සිට සති දෙකකට ආසන්න කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී ආචාර්ය චානි ඉඹුල්ගොඩ මහත්මිය,

"අපිට තාවකාලිකව අධ්‍යයන කටයුතු නවත්තන්න සිදු වුණා මේ පවතින ඩෙංගු උවදුරත් එක්ක. මං ඇත්තටම අපේ ආදරණීය සිසු දරු දැරියන්ගෙන් ඉල්ලා සිටිනවා, මේක ඔබගේ විශ්වවිද්‍යාලය. රජයේ මැදිහත් වීමෙන් දැන් අපි නැවත වතාවක් පිරිසිදු තත්ත්වයක් ඇති කරලා තියෙනවා, ඩෙංගු මර්ධනය කරලා තියෙනවා. ඉතින් ඔබගේත් වගකීම තමන්ගේ පරිසරය, තමන්ගේ පන්ති කාමර, තමන්ගේ සියලුම අපද්‍රව්‍ය බැහැර කිරීමේදී වගකීමක් සහිතව, වෙනසක් සහිතව, විශ්වවිද්‍යාල පරිපාලනයටත් උදව් කරමින් නැවත ආරම්භ කරන්න ඔබගේ අධ්‍යයන කටයුතු."

මේ අතර වසරේ මේ දක්වා ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 68,071ක් වාර්තා වී තිබේ.

ජාතික ඩෙංගු මර්ධන එකකය පැවසුවේ එම කාලසීමාව තුළ මරණ 47ක් වාර්තා වී ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us