ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට

Published in පුවත්
Sunday, 12 July 2026 19:34

ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පත්ව තිබේ.

මේ අතර, ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සඳහන් වෙයි.

ලොව විශාලතම ජීවන වියදම් සහ ජීවන තත්ත්වයන් පිළිබද දත්ත සමූහයක් වන 'නම්බියෝ' වෙබ් අඩවිය විසින්‍ 2026 වසර මැද රථ වාහන දර්ශකය මගින් මේ බව වාර්තා කර තිබේ.

එම වාර්තාවට අනුව ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් සහිත රට ලෙස නයිජීරියාව ප්‍රකාශයට පත්කර ඇත.

කොස්ටරිකා රාජ්‍ය එහි දෙවන ස්ථානයේ පසුවෙයි.

මේ අතර, අඩුම මාර්ග තදබදයක් ඇති රට ලෙස එස්තෝනියාව සැළකෙන අතර ඔස්ට්‍රියාව සහ ෆින්ලන්තය ද අඩුම මාර්ග තදබදයක් ඇති රටවල් ලෙස සැළකෙයි.

ගමනක් සඳහා වැයවන කාලය සහ ඒ සදහා වැයවන ඉන්ධන ප්‍රමාණය සැළකිල්ලට ගනිමින් මාර්ග තදබදය පිළිබද දත්ත සකස් කෙරෙන බව වාර්තා හි සඳහන් වෙයි.

රථවාහන දර්ශකය යනු ගමනාගමනය සඳහා ගතවන කාලය, රථවාහන තදබදය හේතුවෙන් ඇතිවන අප්‍රසාදය, කාබන් ඩයොක්සයිඩ් (CO2) විමෝචනය සහ සමස්ත රථවාහන පද්ධතියේ පවතින අකාර්යක්ෂමතාව වැනි සාධක සැලකිල්ලට ගනිමින් සකස් කරන ලද සංයුක්ත මිනුමකි.

එමඟින් නගරයක පවතින සමස්ත රථවාහන තත්ත්වයන් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us