ජනපති සහ ඇමති මණ්ඩලයෙන් රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නව සැලසුම් රැසක්

Published in පුවත්
Sunday, 12 July 2026 19:22

දිස්ත්‍රික් මට්ටමින් පවතින ගැටලු නිරාකරණය කරමින් මහජන සේවාව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමේ අරමුණින් දිවයිනේ සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සමුළුව සාර්ථකව නිමාවට පත්ව තිබේ.

එය කොළඹ "නිල මැදුර" හි පිහිටි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සමුළුවේ පළමු දිනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, දෙවන දිනය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තිමය තීරණ රැසක් ප්‍රකාශයට පත් කළේය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල අනුමැතිය ලබන හදිසි පාලම්, මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාද නොකර සෘජුවම සිදු කිරීමට හැකි වන පරිදි, ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මූල්‍ය සංචිතයක් ලබා දීම කෙරෙහි මෙහිදී අවදානය යොමුව තිබේ.

එමෙන්ම යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී නැවත පදිංචි කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන්.

අවිධිමත් ලෙස අතහැර දමා ඇති නිවාස ව්‍යාපෘති පිළිබඳ සමීක්ෂණයක් කර ඒවා අවසන් කිරීමට සහය ලබා දෙන බවත්, ඉඩම් භාවිතයේදී වන සංරක්ෂණ කලාප ආරක්ෂා කරමින් සංවර්ධන කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවයත් මෙම සමුළුවේ දී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගුණාත්මක රාජ්‍ය සේවාවක් වෙනුවෙන් ඵලදායීතාවෙන් තොර ආයතන ඉවත් කිරීම සහ සෞඛ්‍ය, අධ්‍යාපන සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ක්ෂේත්‍රවල පුරප්පාඩු කඩිනමින් පිරවීම රජයේ ප්‍රමුඛතාවක් බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ අතර අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ මූලිකත්වයෙන් පරිපාලනමය ගැටලු සහ සේවා අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී පුළුල් සාකච්ඡාවක් පවත්වා තිබේ.

එමෙන්ම මෙහිදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින සේවක පුරප්පාඩු, නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැටලු සහ ඉන්ධන දීමනා ඇතුළු පරිපාලනමය ගැටලු සඳහා විසඳුම් සෙවීමට ද පියවර ගැනිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us