පාසල් සිසුවා, ගුරුවරියකට අයුතු යෝජනාවක්‌ කරලා

Published in පුවත්
Wednesday, 01 October 2014 09:44

බඩල්කුඹුර අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් ප්‍රසිද්ධ පාසලක 34 හැවිරිදි ගුරුවරියකට ඇගෙන් ඉගෙනුම ලබන සිසුවකු විසින් දුරකථනයෙන් කළ ලිංගික හිංසනයක්‌ සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිසිය විසින් 17 හැවිරිදි සිසුවෙක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිසුවා එම පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර 34 හැවිරිදි ගුරුවරියට දුරකථනයෙන් කළ අයුතු ලිංගික යෝජනාව පිළිබඳ එම ගුරුවරිය බඩල්කුඹුර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිද්ධියට සම්බන්ධ සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ බඩල්කුඹුර කරවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක පාසල් සිසුවෙකි.

අත්අඩංගුවට ගත් සිසුවා ඊයේ මොනරාගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ මොනරාගල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස්‌ පරිදි බඩල්කුඹුර පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. තිලක්‌ රත්නායක මහතා ඇතුළු නිලධාරීන් සිදු කරයි.

(මොනරාගල - නයන ඉහළගෙදර සහ මාපා තිලකසූරිය - සියඹලාණ්‌ඩුව)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us