ජාතික ආරක්ෂාවට හානි වන ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන් පිළිබඳ පුළුල් විමර්ශන

Published in පුවත්
Friday, 24 April 2026 08:41

රටේ ජාතික ආරක්ෂාවට සහ මහජන සාමයට හානියක් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන් පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (23 වැනිදා) දැනුම් දුන්නේය.

පොලිස්පතිවරයාගේ නියෝග සහ පැමිණිලි මත එම විමර්ශනය පවත්වන බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් දන්වා සිටියහ.

ත්‍රස්තවාදය යළි ගොඩනැගීමට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවන් සාධාරණීකරණය වන ආකාරයේ ප්‍රකාශ කරමින් රටේ ජාතික ආරක්ෂාව සහ මහජන සාමයට හානිවන අයුරින් කටයුතු කරන තැනැත්තන් සම්බන්ධයෙන් අදාළ විමර්ශනය පවත්වන බවද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත දන්වා සිටියහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස අධිකරණය ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට නියම කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us