ලෝක ප්‍රතිශක්තීකරණ සතිය අදින් ඇරඹේ

Published in පුවත්
Friday, 24 April 2026 08:29

අද (24) සිට 30 දක්වා ලෝක ප්‍රතිශක්තීකරණ සතිය ලෙස නම්කර තිබෙනවා.

ලංකාව ප්‍රතිශක්තීකරණය අතින් ඉතා ඉහළ තලයක පවත්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ පාලිත කරුනාපේම මහතා පවසනවා.

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා මේ බව පැවසුවේ පසුගියදා (22) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

1978 වසරේ සිට මෙරට ප්‍රතිශක්තීකරණ වැඩසටහන ක්‍රියාත්මක වන බවද, එමනිසා එන්නත් මගින් දරුවන් රෝග වලින් ආරක්ෂා වී ඇතැයිද පැවසුවා.

මේ හේතුවෙන් පෝලියෝ වැනි රෝග ලංකාවෙන් තුරන් කිරීමට හැකියාවක් ලැබී ඇතැයිද එන්නත් මගින් විශාල වශයෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට හැකියාවක් ලැබී ඇතැයිද සඳහන් කළා.

මෙය පසුගිය අවුරුදු 50 තුළ අපගේ ආයුකාලය වැඩි වීමටද ළමයින්ගේ මරණ අනුපාතිකය අඩු වීමටද හේතු වී ඇතැයි සඳහන් කළ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා 2012 වර්ෂයේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක ප්‍රතිශක්තීකරණ සතිය අප්‍රේල් මාසයේ සමරන බවද පැවසුවා.

ඊට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යංශයේත් සියලුම සෞඛ්‍ය ආයතනවලත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහාත් මෙම කටයුතු එළඹෙන සතියේත් ඉදිරි මාසය තුළත් විශේෂ ක්‍රියාකාරකම් කිහිපයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් පැවසුවා.

1978 සිට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාදෙන එන්නත් ඉතාම උසස් ප්‍රමිතියෙන් යුතු ඒවා බවද කිසිදු අවස්ථාවක එන්නත් හිඟයකින් තොරව පසුගිය වරස 50 තුළ නිරන්තරයෙන් ලබාදී ඇතැයිද ප්‍රකාශ කළා.

මෙය අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතා වැදගත් දෙයක් බවද ඉදිරි වර්ෂ කිහිපය තුළද එනම් 2030 වර්ෂය දක්වා එන්නත් ලබාදීම යුනිසෙෆ් ආයතනය මගින් ඔවුන්ගේ සැපයුම් දාම හරහා සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදීමේ සියලු කටයුතු සිදුකර ඇති බවද අවධාරණය කළා.

මෙම එන්නත් ලබාගැනීමේ ක්‍රියාවලිය තුළ ඉතා වැදගත් කාර්යයභාර්යයක් ආයතන කිහිපයක් සිදුකරන බව පැවසූ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය, වෛද්‍ය සැපයුම් අංශය, එස් පී සී ආයතනය, වෛද්‍ය පර්යේෂණ ආයතනය වැනි සියලුම ආයතන එන්නත් අවශ්‍ය පරිදි ලබාගැනීමටත්, අවශ්‍ය පර්යේෂණ සිදුකිරීමටත් ලංකාව පුරා නිසි පරිදි බෙදා හැරීම සදහාත් විශාල කර්තව්‍යයක් සිදුකරන බවද පැවසුවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us