කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (30) ප.ව. 3.30ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.
නමුත් මෙය උපරිය වායුගෝලීය තත්ත්වයක් නොවන බව එම නිවේදනයේ සඳහන් වෙයි.
වැඩබිම් තුළ ක්‍රියාකරන විට ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගන්නා ලෙසද සෙවණ ඇති ස්ථානයන්හි විවේක ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් කර තිබේ.
වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසද විශේෂයෙන් කුඩා ළමුන් වාහන තුළ තනියම රැඳවීමෙන් වළකින ලෙසද නිවේදනයේ සඳහන් කර ඇත.
මේ අතර, අධික වෙහෙසකර කටයුතු සීමා කරන ලෙසද සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුර පවසයි.

