උණුසුම් කාලගුණයෙන් කුකුළු ගොවිපොළවල සතුන් මියයාම ඉහළට

Published in පුවත්
Wednesday, 25 March 2026 19:53

පවතින වියළි කාලගුණික තත්ත්වය සමග කුකුළු ගොවිපොළවල සතුන් මියයාම ඉහළ ගොස් ඇතැයි ගොවිපොළ හිමියෝ කියා සිටිති.

කූඩුවල සිටින සතුන්ට පවතින උෂ්ණත්වය දරාගැනීමට නොහැකිව බ්‍රොයිලර් සතුන් මියයන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර පැවසීය. එමෙන්ම, මේ වනවිට බිත්තර දමන ප්‍රමාණයද අඩුවී ඇත.

උෂ්ණත්වය දරාගැනීමට නොහැකිවීම නිසා බිත්තර දමන ප්‍රතිශතය සියයට 20කින් පමණ අඩුවී ඇති බවද සභාපතිවරයා කියා සිටියේය.

සතුන් 25,000 ත් 30,000 ත් අතර ප්‍රමාණයක් සිටින කූඩු නියමිත උෂ්ණත්වයක පවත්වාගෙන යන බවත්, පැයක විදුලිය විසන්ධි වුවහොත් ඉක්මනින් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කළයුතු බවත් ඔහු කීවේය.

විදුලි ජනන යන්ත්‍රවලට අවශ්‍ය ඩීසල් ඉන්ධන ප්‍රමාණය සපයන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවද ඔහු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us