ඖෂධ මිල ගණන් වැඩිවීමේ අවදානමක්

Published in පුවත්
Wednesday, 25 March 2026 07:53

ඖෂධ මිල ගණන් වැඩිවීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවැසීය.

විදේශ විනිමය අනුපාත ඉහළ යාම, නිෂ්පාදන වියදම්, ප්‍රවාහන සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම ආදී කාරණා සැලකිල්ලට ගෙන දැනට මිල පාලනයට යටත් කොට තිබෙන ඖෂධ වර්ග 60 හි මිල ගණන් සියයට හතකින්වත් ඉහළ නංවන ලෙස මෙම සමාගම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ලිපි යොමු කර ඇත.

ඔෟෂධ වර්ග හැටකට මිල පාලනයක් දමන විට ඇමරිකානු ඩොලරය රුපියල් 295 ට පැවැති බවත් ඊයේ (24 වැනිදා) වනවිට ඩොලරයේ අගය රුපියල් 317.5 දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඖෂධ ආනයනයේදී අමතර වියදමක් දැරීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ශාන්ත බණ්ඩාර පැවැසීය.

ඒ අනුව දැනට පාලන මිලක් නියම කර තිබෙන ඖෂධ වර්ග හැටෙහි මිල ගණන් සියයට හතකින්වත් ඉහළ දැමිය යුතු තත්ත්වයක් ඇතිවී ඇතැයිද අනෙකුත් ඖෂධ වර්ග ගෙන්වීමේදී නිෂ්පාදන වියදම් ඉහළ යාම, නෞකා ගාස්තු, රක්ෂණ ගාස්තු හා ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ යාම නිසා ඖෂධ ආනයනික පිරිවැය වැඩිවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය හා අනෙකුත් ඖෂධ වර්ග 1800 ක් පමණ ආනයනය කරන අතර පවතින තත්ත්වය හමුවේ ඒවා ගෙන්වීමට යන පිරිවැය වැඩිවී ඇතැයිද සඳහන් කළේය.

මේ අතර දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයද සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඖෂධ මිල වැඩි කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා ඇත. දේශීයව සකසන ඖෂධ බහාලන ඇසුරුම්වල සිට සියලුම අමුද්‍රව්‍යවල මිල ගණන් සහ නිෂ්පාදන පිරිවැය වැඩිවීම නිසා මිල වැඩි කිරීමට සිදුව ඇතැයිද දේශීය ඖෂධ නිෂ්පාදකයෝ කියා සිටිති. දේශීයව ඖෂධ වර්ග 250 ක් පමණ නිපදවන බවද ඔවුහු කියා සිටිති. එම ඖෂධ නිෂ්පාදන සමාගම් දහතුනක් මෙරට ක්‍රියාත්මකය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us