රාමසාන් උත්සවය අදයි

Published in පුවත්
Saturday, 21 March 2026 06:58

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට යෙදී තිබෙනවා.

කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ නව සඳ දිස්වීම හේතුවෙන් අද (21) දිනයේ රාමසාන් උත්සවය සමරන බවයි.

මාසයක් පුරා පැවති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ෆීතර් උත්සවය හෙවත් රාමසාන් දිනය සමරනු ලබයි.

රාමසාන් යනු ඉස්ලාමයේ අනුගාමිකයන් වන මුස්ලිම්වරුන් නිරාහාරව සිටීම, ස්වයං විනය පුහුණු කිරීම සහ යාච්ඤා කිරීමේ ශුද්ධ මාසයක්.

මුස්ලිම්වරුන් සඳහා වූ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර්ආනය පිළිබඳ මුහම්මද් තුමාණන්ට මුලික හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙස එය සමරනු ලබනවා.

රාමසාන් සමයේ සෑම දිනකම මුස්ලිම්වරු හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා ආහාර ගන්නේ නැත.

රාමසාන් සෑමවිටම මාස 12 ඉස්ලාමීය දින දර්ශනයේ නවවන මාසයට අයත් වෙයි .

රාමසාන් උත්සවය සමයේ මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට සිය ආගමික වතාවත්වල නිරත වීමට අවස්ථාව ලබා දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක්ද නිකුත් කර තිබුණා.

ඒ අනුව පෙබරවාරි මස 19 වැනිදා සිට මාර්තු මස 21 දක්වා යාඥා සහ ආගමික කටයුතු සඳහා චක්‍රලේකයේ සඳහන් පරිදි අවස්ථාව ලබා දෙන ලෙසයි සියලු අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබුණේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us