ට්‍රම්ප්ගේ රුව සහිත සමරු රන් කාසියක් නිකුත් කිරීමට අනුමැතිය

Published in පුවත්
Friday, 20 March 2026 20:29

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව සහිත සමරු රන් කාසියක් නිකුත් කිරීම සඳහා එරට ෆෙඩරල් කලා කොමිසම (Federal Arts Commission) අනුමැතිය ලබා දී ඇත.

ලබන ජූලි 4 වන දිනට යෙදෙන අමෙරිකාවේ 250 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා මෙම කැරට් 24 රන් කාසිය නිර්මාණය කර තිබේ.

එහි දැක්වෙන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය දෑත් මිට මොලවා මේසයක් මත තබාගෙන සිටින ආකාරය වේ.

ජීවත්ව සිටින ජනාධිපතිවරයෙකුගේ රුව අමෙරිකානු මුදල් ඒකකවල භාවිත කිරීම ෆෙඩරල් නීතියට අනුව තහනම් වුවද, භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් සතු විශේෂ බලතල යටතේ මෙම රන් කාසිය මුද්‍රණය කිරීමට තීරණය කර ඇත.

කලා කොමිසමේ උප සභාපති ජේම්ස් මැක්‍රේරි ප්‍රකාශ කළේ මෙම කාසිය හැකි උපරිම ප්‍රමාණයෙන් එනම් අඟල් තුනක විෂ්කම්භයක් සහිතව නිපදවන ලෙස තමන් යෝජනා කරන බවය.

නිව්යෝර්ක් හි ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රස් සභික රිචී ටොරස් විසින් ජනාධිපතිවරුන්ට තමන්ගේම රුව සහිත මුදල් නිකුත් කිරීම වැළැක්වීම සඳහා "Trump Act" නමින් පනතක් ඉදිරිපත් කළද, එය මෙතෙක් සම්මත වී නොමැත.

මින් පෙර සිය ජීවිත කාලය තුළදී ඇමෙරිකානු කාසියක රුව සටහන් වූ එකම ජනාධිපතිවරයා වන්නේ කැල්වින් කූලිජ් (Calvin Coolidge) පමණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us