ඉහළ දැමූ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව හෙට සිට බැංකු ගිණුම් වෙත

Published in පුවත්
Monday, 09 March 2026 19:36

2026, අයවැය යෝජනාව යටතේ ඉහළ දැමූ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව හෙට (10) සිට බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ජනවාරි මාසයට අදාළ රුපියල් 10,000 මෙලෙස බැර කරන බව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපති විශ්‍රාමික විනිසුරු විජිත් මළල්ගොඩ මහතා සඳහන් කරයි.

රුපියල් 7,500ක්ව පැවති එම දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කෙරුණි.

මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා මහා භාණ්ඩාගාරය විසින් ඒකාබද්ධව පිරිවැය දරනු ලබයි.

වත්මන් විධිවිධාන අනුව ශිෂ්‍යත්ව දීමානාවේ 48%ක් මහපොළ භාර අරමුදල විසින් ද සෙසු 52%ක් රජය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ද දරනු ලබයි.

තවද 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට 2026 වසරේ ජනවාරි දක්වා කාලය තුළ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව දෙවරක් සංශෝධනය කර ඇත.

එමගින් රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා රුපියල් 2,500 බැගින් වැඩිවීම් දෙකක් මඟින්, වත්මන් රජය යටතේ ශිෂ්‍යත්ව දීමනාව දෙගුණ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us