ජනාධිපතිවරණය ජනවාරියේ?

Published in පුවත්
Saturday, 27 September 2014 08:47

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කොට තිබේ.

ආර්ථික සංවර්ධන ඇමති අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් එම මධ්‍යස්ථානය විවෘත කළ අතර මෙය ඉතා ඉක්මනින් ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වීමේ පෙරනිමිත්තක් බව  දේශපාලන නිරීක්ෂකයන් පවසති.



ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ 2016 වසරේ නොවැම්බර් මාසයේදී වුවත් ඕනෑම අවස්ථාවකදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා වෙත බලය පැවරී තිබේ.

ජනාධිපතිවරණය ලබන ජනවාරි මාසය ආරම්භයේදී පැවැත්වෙනු ඇති බවට දේශපාලන නිරීක්ෂකයෝ අනුමාන කරති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ ඉදිරි ඡන්ද කටයුතු මෙහෙයවීම සඳහා මෙම මැතිවරණ මෙහයුම් මධ්‍යස්ථානය විවෘත කළ බව අමාත්‍ය ඒ.එච්.එම්. පවුසි මහතා ප්‍රකාශ කළ බව' බිබිසි සංදේශය' හා විමසුමකට එක්වූ ප්‍රංශ පුවත් සේවයේ කොළඹ වාර්තාකරු අමල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

2015 මුල් භාගයේදී ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය පැවැත්වෙනු ඇතැයි රටේ බොහෝ දෙනකු විශ්වාශ කරන බව පැවසූ ඇමතිවරයා ඉදිරියේ ඇති එම මැතිවරණ සඳහා මේ කාර්යාලය විවෘත කළ බව කියා සිටි බවපැවසුවේය.


පාප් වහන්සේගේ සංචාරය



ජනවාරි මාසයේ 13 වැනිදා සිට 15 වැනිදා දක්වා ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයක යෙදීමට නියමිතව තිබේ.

මැතිවරණයක් පැවැත්වෙන කාලය තුල හෝ මැතිවරණයකින් පසු එළඹෙන ආසන්න කාලය තුළ පාප් වහන්සේ එම රටේ සංචාරය නොකරන බව කතෝලික සභාවේ පිළිගැනීම බව ප්‍රංශ පුවත් සේවයේ කොළඹ වාර්තාකරු අමල් ජයසිංහ මහතා පැවසිය. 



ජනප්‍රියතාව

ඌව පළාත් සභා මැතිවරණයෙන් පසු අදහස් පල කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ට ඇමතිවරුන් අදහස් දක්වමින් තවමත් ජාතික මැතිවරණයක් ජය ගැනීමට තමන්ට හැකියාව ඇති බව පවසා ඇතැයි පෙන්වා දෙන ඔහු එම ජනප්‍රියතාව රැක ගැනීම රජයේ අරමුණ විය හැකි බව ප්‍රකාශ කළේය.

එසේම විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයකු ඇති කර ගැනීමේ එකඟතාවක් නොමැති අවස්ථාවක හැකි ඉක්මනින් මැතිවරණයක් පැවැත්වීමෙන් රජයට වාසියක් අත් කරගැනීමේ හැකියාව පිලිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව ඇති බවක් විශ්වාශ කළ හැකි බවත් ප්‍රංශ පුවත් සේවයේ කොළඹ වාර්තාකරු අමල් ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us