සිසුන්ට දීමට ගෙනා කිරි පැකට්‌වල පණුවෝ

Published in පුවත්
Friday, 26 September 2014 09:56

සමන්තුර වීරමුණේ රාමක්‍රිෂ්ණා මහා විද්‍යාලයේ ශිෂ්‍යයන් සඳහා ලබාදීමට නියමිතව තිබූ දියර කිරි පැකට්‌ තුළ පණුවන් සිටීම නිසා එම කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසල් දරුවන්ට දියර කිරි පැකට්‌ ලබාදීමේ වැඩසටහන වහාම නතර කරන ලෙස සමන්තුර සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාල නිලධාරීන් විදුහල්පතිවරුන්ට උපදෙස්‌ දී තිබේ.



සමන්තුර අධ්‍යාපන කලාපයේ පාසල් දහහතරක ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්‌දහස්‌ හයසියයක්‌ සඳහා උදැසන දියර කිරි ලබාදීම සිදුකෙරිණි.

සමන්තුර සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් වීරමුණේ රාමක්‍රිෂ්ණ විදුහලට ගොස්‌ කිරි පැකට්‌ පරීක්‍ෂාකර ඒවායේ පණුවන් සිටි බව තහවුරු කර ඉතිරිව තිබූ කිරි පැකට්‌ 75 වැඩිදුර පරීක්‍ෂණයට රැගෙන යන ලදී.

සමන්තුර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකගේ නියෝගය මත එම විදුහලට පැමිණි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන් වන ඒ. අමීර් සහ එම්. එච්. එම්. ජාබීර් යන මහත්වරු සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සංවර්ධන සමිතියේ දෙමවුපියන්ට කරුණු විස්‌තර කළහ. එය කෙසේ වෙතත් මෙතෙක්‌ පාසල් 14 කට දිවා ආහාරය සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැත.

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ඇතැම් පාසල්වල සිසුන් සඳහාද කිරි පැකට්‌ ලබාදීම නතර කර ඇත.

නැගෙනහිර පළාතේ තෝරාගත් පාසල් සිසුන් සඳහා කිරි පැකට්‌ ලබාදීම පසුගිය මස ආරම්භ විය. එක්‌ කිරි පැකට්‌ටුවක මිලිලීටර් 150 ක ප්‍රමිතියට අනුව සකස්‌ කළ කිරි අඩංගු විය.

(සමන්තුර - නූර් එම්. µqවාඩ්)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us