මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය අද 6වන දිනටත් අඛණ්ඩව

Published in පුවත්
Tuesday, 10 February 2026 10:22

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය අඛණ්ඩව අද (10) හයවන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි.

ඒ, ඊයේ (09) ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් ඩී.ගමගේ මහතා සමඟ පැවති සාකච්ඡා නිසි විසඳුමකින් තොරව අවසන් වූ පසුබිමකයි.

කෙසේවෙතත් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේ වින්ච් මාදැල් ධීවරයින් ගොනුකර ඇති නඩුව පෙබරවාරි 27 වැනිදා යළි කැඳවන අතර ඉන් පසු ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවය.

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව තහනමක් පැනවීය.

ඒ කොරල්පර, මත්ස්‍ය අභිජනන ස්ථාන විනාශ වීම වැළැක්වීමට සහ සමුද්‍රීය සම්පත රැකගැනීම සඳහා බව පවසමිනි.

කෙසේවෙතත් එම තීරණයට විරෝධය පළකරමින් සහ එම තහනම ඉවත් කරන්නැයි ඉල්ලා දිවයිනේ ප්‍රදේශ කිහිපයක වින්ච් මාදැල් ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පෙබරවාරි 5 වැනිදා සත්‍යග්‍රහයක් ඇරඹීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us