O/L උප­කා­රක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Published in පුවත්
Tuesday, 10 February 2026 09:48

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ – 2025 (2026) විභා­ග­යට අදාළ උප­කා­රක පන්ති පැවැ­ත්වීම හෙට (11) මධ්‍යම රාත්‍රි 12 සිට විභා­ගය අව­සන් වන තෙක් සම්පූ­ර්ණ­යෙන්ම තහ­නම් කරන බව විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා ලිය­නගේ මහ­ත්මිය පව­සනවා.

විභාග අපේ­ක්ෂ­ක­යන් සඳහා උප­කා­රක පන්ති පැවැ­ත්වීම සහ එම පන්ති මෙහෙයවීම, විෂ­යා­නු­බද්ධ දේශන, සම්ම­න්ත්‍රණ, වැඩ­මුළු පැවැ­ත්වීම, අනු­මාන ප්‍රශ්න ඇතු­ළත් ප්‍රශ්න පත්‍ර මුද්‍ර­ණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍ර­වල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න දෙන බවට පෝස්ටර්, බැනර්, අත්ප­ත්‍රිකා විදත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබා ගැනීම මෙහිදී සපුරා තහ­නම්.

යම් අයෙක් හෝ ආය­ත­න­යක් හෝ වෙනත් පාර්ශ්ව­යක් මේ නියෝග නොස­ලකා ක්‍රියා කළොත් ඒ තැනැත්තා හෝ ආය­ත­නය හෝ එම පාර්ශ්වය නීතිය හමුවේ වර­ද­ක­රු­වකු වන බව ද විභාග කොම­සා­රි­ස්ව­රිය පැව­සු­වා.

කිසි­යම් තැනැ­ත්තකු හෝ ආය­ත­න­යක් හෝ පාර්ශ්ව­යක් මේ නියෝග යම් ආකා­ර­ය­කින් කඩ කිරී­මක් හෝ උල්ලං­ඝ­නය කිරී­මක් සිදු කළොත් ඒ පිළි­බ­ඳව ළඟම පොලිස් ස්ථානය හෝ පොලිස් මූල­ස්ථා­නය හෝ ශ්‍රී ලංකා විභාග දෙපා­ර්න්තුව වෙත පැමි­ණිලි කළ හැකියි.

විභා­ගය සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි වෙතොත් 011-2421111 මඟින් පොලිස් මූල­ස්ථා­න­යට හෝ 119 මඟින් පොලිස් හදිසි ඇම­තුම් අංක­යට හෝ 1911 ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ ක්ෂණික ඇම­තුම් අංක­යට හෝ 011-2784208, 011-2784537 පාසල් විභාග සංවි­ධාන හා ප්‍රති­ඵල ශාඛාව වෙත දැනුම් දිය හැකියි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us