'මම කම්මලේ බල්ලා ව‍ගේ' - මෛත්‍රීපාල

Published in පුවත්
Friday, 04 July 2014 08:31

තමන් කම්මලේ බල්ලා වගේ යයිද හෙන ගැහුවත් ගානක් නැතැයිද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා නුවරඑළියේදී පැවසිය.

ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ පැවසිය.

"දේශපාලනඥයෝ හැටියට අපිටත් ඉවසීමෙන් කටයුතු කරන්න වෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ මේ විදිහට ගොඩනැගෙමින් තිබෙන ප්‍රශ්න විසඳාගෙන එනකොට නොයක් අභියෝග එනවා. යකඩ තළන සද්දේ හුරු කම්මලේ බල්ලට හෙණ ගැහුවත් ගාණක් නැහැ කියනවා වගේ අවුරුදු 42ක් දේශපානය කරපු කෙනෙක් හැටියට මට සමහර සද්ද ඇහෙන්නේ නැහැ."

කෙසේ නමුත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් කියවෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වනවිට ඇතිවී ‍තිබෙන අර්බුදකාරී තත්වය ගැන පමණකම නොව එම අර්බුද තම අගමැති සිහිනය බොඳ කිරීමේ කුමන්ත්‍රණයක් දක්වා ගමන්කරමින් තිබීම සම්බන්ධයෙන් විය හැකි බව දේශපාලන විචාරකයෝ පවසති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වන මෛත්‍රීපාල සි‍රිසේන මහතා සතුව තිබූ එම පක්ෂයේ මැතිවරණ මෙහෙයවීමේ බලය ඇතුළු තවත් බලතල කිහිපයක් මේ වනවිටත් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇමතිවරයා වෙත පවරාගෙන තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us