බස් ගාස්තු වැඩි කිරීමට සැලසුම්

Published in පුවත්
Sunday, 01 February 2026 12:32

ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළද ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ එළැඹෙන ජූලි මාසයට පෙර බස් ගාස්තු ඉහළ නැංවීමට අවශ්‍ය වන බවය.

වර්තමානය වන විට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ ධාවනය අපහසු වී ඇති බවත් පෙන්වා දෙන ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මින් පෙර බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් හි ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 2-3ත් අතර ප්‍රමාණයක් ධාවනය කළ හැකිව තිබූ බවය.

නමුත් එම දුර ප්‍රමාණය දැන් අඩුව ඇති බවත් මේ වන විට එම ප්‍රදේශ ආශ්‍රිතව ඩීසල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 2කටත් වඩා අඩු ප්‍රමාණයක් වන බවත් පැවසීය.

ඒ අනුව බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවත් පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 5-6ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,

"මෙතන ලොකු ගැටලුවක් තියෙනවා කඩිනමින් බස් ගාස්තු වැඩි කරන්න අපිට බොහෝ දුරට ඉල්ලීමක් කරන්න වෙනවා. මොකද ලබන ජුලී මාසේ වෙන්න ඉස්සෙල්ලා අපිට ඉල්ලීමක් කරන්න වෙනවා ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට අවශයයි කියලා. හේතුව තමයි ලංකාවේ ධානය කරන්නේ කෙටි ගමන් සේවා බස් රථ. ලංකාවේ 13,000- 14,000ක බස් රථ බල ඇණියක් තියනවා ලංකාවේ. සාමාන්‍යයෙන් 6,000- 7,000ක වැඩිපුර බස් රථ. දැන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ ගමනාගමනය කරන්න හැකියාවක් නැහැ. ඉස්සර බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට ආදේශ කරලා තිබ්බේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඩීසල් ලීටරයකට ධාවනය කරන්න පුළුවන් දුර ප්‍රමාණය කිලෝමීටර් 2.5ක් හෝ 3වගේ ප්‍රමාණයක්. දැන් ඒක තවත් අඩුවෙලා තියනවා දැන් කිලෝමීටර් 2වත් ධාවනය කරන්න බැහැ. මොකද අධික මාර්ග තදබදය නිසා.

දැන් අවුරුදු එකහමාරක් වෙනවා ආණ්ඩුව ඇවිල්ලා. මොනාද කළේ ආණ්ඩුව. මොනාද පොදු ප්‍රවාහන සේවයට කළේ බිමල් රත්නායක අමාත්‍යවරයා. එයාලාගේ සභාපතිවරු ඉන්නවා පට්ට දූෂිතයි අපි වගකීමෙන් කියන්නේ. පොදු ප්‍රවාහන සේවාව සංවර්ධනය කරන්න කටයුතු කරන්න නැත්නම් අපිට ඉදිරි මාස කිහිපය තුළ ගාස්තු වැඩි කිරීමක් ඉල්ලන්න. පසුගිය කාලේ පුරාම අපි ඉවසන් හිටියා. මොකද පොදු ප්‍රවාහන සේවාව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. රටේ ජනතාව දැනගන්න ඕනේ පෞද්ගලික බස් රථ සේවාව නියාමනය කරන්නේ අපි නෙමෙයි... බස් ගාස්තු සම්බන්ධව සමාලෝචනයක් කරන්න කියලා අපි ඉල්ලනවා මොකද ඇස්කන් පියාගෙන ඉන්න හැකියාවක් නෑ. අඩුම වශයෙන් කෙටි සේවා තව රුපියල් 5-6ක් වත් වැඩි කරන්න වෙනවා අවම ගාස්තුව"

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us