‘රෝගීන්ට තුණ්ඩු නිකුත් නොකිරීම, පිටතින් රසායනාගාර පරීක්ෂණවලට නිර්දේශ නොකිරීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කාරක සභාව ඊයේ (27 වැනිදා) රැස්වී ඊළඟට ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. ඒ අනුව අවසන් තීරණය මධ්‍යම කාරක සභාව ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද (28 වැනිදා) උදේ 10.00 රැස්වීමට නියමිතය. වර්ජනයකට යනවාද නැද්ද? යන්න පිළිබඳ නිල ප්‍රකාශය අද (28) සිදුකරන බවද එම සංගමයේ ලේකම්වරයා සඳහන් කළේය.

