ඒ ගාල්ල නගරයේදීයි.
මෙම ජාතික නිවාස වැඩසටහනේදී ප්‍රතිලාභීන් 200කට අධික සංඛ්‍යාවකට නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය ආධාර මුදල් පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ දැනට ප්‍රධාන නිවාස ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වන අතර, ඉන් එක් වැඩසටහනක් යටතේ අභ්‍යන්තර අවතැන් වූවන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම සිදු කෙරෙනවා.
ඒ අනුව, යුද්ධයෙන් අවතැන් වූ උතුරු සහ නැඟෙනහිර පවුල් නැවත පදිංචි කිරීම සඳහා නිවාස 2500ක් ඉදිකිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය චාවකච්චේරිය ප්‍රදේශයෙන් පසුගියදා ආරම්භ කළා.
මීට අමතරව, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් ද විශේෂ නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
සමස්ත ජනතාවගේ නිවාස අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගනිමින්, රාජ්‍ය සේවකයන් සඳහා වෙනමම නිවාස වැඩසටහනක් සහ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂ නිවාස ඉදිකිරීමේ ණය යෝජනා ක්‍රමයක් ද දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා.

