ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර 5වෙනි තැනට ශ්‍රී ලංකාව

Published in පුවත්
Monday, 29 December 2025 10:13

අමෙරිකා එක්සත් ජනපදයේ 'U.S. News & World Report' වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පස්වන ස්ථානයට පත්ව තිබේ.

මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ජපානයේ ෆුජි කන්ද වන අතර, පසුව පිලිපීනයේ පලවාන්, ටෝකියෝ සහ දකුණු කොරියාවේ සෝල් යන නගර වේ.

මෙම ශ්‍රේණිගත කිරීම දත්ත විශ්ලේෂණයන් ඔස්සේ සිදු කර ඇති අතර ඒ සඳහා ප්‍රවේශ වීමේ පහසුව, දේශීය මිල ගණන්, ආකර්ෂණීය ස්ථාන, සංස්කෘතිය සහ සංචාරකයින්ගේ ප්‍රසාදය යන කරුණු කෙරෙහි අවදානය යොමුව තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින වැසි වනාන්තර, වෙරළ තීරයන් සහ පුරාණ නටඹුන්, බොහෝ ජනප්‍රිය ආසියානු ගමනාන්තවල දක්නට ලැබෙන අධික සංචාරක තදබදය අවම වීම මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව ඇත.

"ඉන්දියාවේ දකුණු කෙළවරට වන්නට පිහිටා ඇති ශ්‍රී ලංකාව නම් දූපත් රාජ්‍යය තුළ ආසියාවේ වඩාත් ජනප්‍රිය ගමනාන්ත, වැසි වනාන්තර, වෙරළ තීරයන් සහ නටඹුන්වලින් සමන්විතය. ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන 26ක් ඇති අතර, ඒවායින් බොහොමයක් අලි ඇතුන්, දිවියන් සහ වලසුන් හමුවීමට සෆාරි විනෝද චාරිකාවක් සඳහා සුදුසු වේ. මේ අතර, අඩි 600ක් උස බලකොටුවක් වන සීගිරිය මෙන්ම පොළොන්නරුවේ විහාරස්ථාන වැනි පුරාණ ස්ථාන එහි ආකර්ෂණය තවත් වැඩි කරයි. තල් ගස්වලින් වැසී ඇති රන්වන් වෙරළ තීරයන් වඩාත් සැහැල්ලු නිවාඩුවක් සොයන අයට කිසි විටෙකත් එතරම් දුර නොවේ." ලෙස එම වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් දක්වා තිබේ.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ 'U.S. News & World Report' වාර්තාවට අනුව, 2026 සඳහා ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 20 මෙන්න:

1. ෆුජි කන්ද, ජපානය

2. ටෝකියෝ, ජපානය

3. පලවාන්, පිලිපීනය

4. සෝල්, දකුණු කොරියාව

5. ශ්‍රී ලංකාව

6. චියැං මායි, තායිලන්තය

7. භූතානය

8. හැනෝයි, වියට්නාමය

9. බාලි, ඉන්දුනීසියාව

10. ෆුකෙට්, තායිලන්තය

11. කියෝතෝ, ජපානය

12. සියම් රීප්

13. ඔසාකා, ජපානය

14. ක්වාලාලම්පූර්, මැලේසියාව

15. හොංකොං

16. මාලදිවයින

17. සිංගප්පූරුව

18. ජායිපූර්, ඉන්දියාව

19. ලැන්කාවි, මැලේසියාව

20. අග්‍රා, ඉන්දියාව

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us