සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස සමග පැවැති සාකච්ඡාවකදී මෙම පොරොන්දුව ලබාදී ඇත.
ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම, සෞඛ්‍ය සේවාව ඩිජිටල් කිරීම, සෞඛ්‍ය සේවාවේ හා ඖෂධවල ප්‍රමිතිය වැඩි දියුණු කිරීම ආදී කාරණා පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ තිබෙන ප්‍රශ්නවලින් කෙටි කාලයකදී විසඳුම් දිය හැකි ප්‍රශ්න විසඳන බවත් අනෙක් ගැටලු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළ බවද ඔහු කියා සිටියේය.
විශේෂඥ වෛද්‍යවරුන්ට සීමා වන සේවා මධ්‍යස්ථානයක් සකසන ලෙස ඉල්ලමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (Association Of medical Specialists) ඉකුත් නොවැම්බර් 17 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට තීරණය කර තිබියදී රජය වහා මැදිහත් වී අදාළ ඉල්ලීම් කඩිනමින් ලබාදෙන බවට පොරොන්දු විය. ඒ අනුව දැනට තම ඉල්ලීම්වලට සාධනීය පියවර ගනිමින් සිටින බවත් ඒ අනුව ජනවාරි 31 වනතුරු බලා සිටින බවත් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් සඳහන් කළේය.

