ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ මහතා පැවසුවේ මීට අදාළව නාවික හමුදා භට පිරිස්, ගුවන් යානා, සහ බෝට්ටු සූදානම් කරන ලෙස මේ වන විටත් දන්වා ඇති බවය.
එළැඹෙන 29 වැනිදා සිට තරංගාකාර සුළං ප්‍රවාහයක් හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇති බවත් ඒ අනුව සාමාන්‍ය තතත්ත්වයට වඩා ඉහළ තත්ත්වයක වැසි උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව ප්‍රදේශවලට ඇදහැලිය හැකි බවට ඔවුන් පෙන්වා දී ඇති බවත් සඳහන් කළ ඒ මහතා පැවසුවේ මේ අනුව සිදුවිය හැකි ආපදා සම්බන්දව අවධානය යොමු කරමින් ඉන් ආරක්ෂා වීම සඳහා මෙම පියවර ගන්නා බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ මහතා,
"කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර ඇති ආකාරයට තරංගාකාර සුළං ප්‍රවාහයක් නැගෙනහිර ප්‍රදේශයේ ඇතිවීම හේතුවෙන් මෙම මස 29 වැනි දින සිට වර්ෂාපතනය සාමාන්‍යට ඉහළ තත්ත්වයක් උතුරු ප්‍රදේශයටත්, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර, සහ ඌව ප්‍රදේශවලට ඇද හැළිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැනුවත් කර පෙර පරිදිම ඊසාන දිග මෝසමට ක්‍රියාත්මක වීමට තියෙන හදිසි සැලැස්මට අනුව භට පිරිස්, ගුවන් යානා, නාවික භට කණ්ඩායම් බෝට්ටු සූදානම් කරන ලෙස දන්වා තියෙනවා. ඒ නිසා ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටිනවා."

