හරීන් නිසා එජාපය බේරුණා

Published in පුවත්
Wednesday, 24 September 2014 11:07

බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් සන්ධානය සමඟ කරට කර සටනක් දීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වූයේ හරීන් ප‍්‍රනාන්දු තරුණ දේශපාලනඥයාගේ ආකර්ශනීය මැතිවරණ ව්‍යාපාරය නිසා බව ඇමති එස්බී දිසානායක මහතා පැවසුවේය.

'හරීන් ප‍්‍රනාන්දුට එක්සත් ජාතික පක්ෂයේ පැවති වාද බේද සියල්ල අවසන් කර රනිල්,සජිත් ,කරු ජයසූරිය ඇතුළු පක්ෂයේ සියලූම නායකයන් එකම වේදිකාවට කැඳවා ගෙන මැතිවරණ සටන මෙහෙය වීමට හැකි වූවා '

අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මෙම අදහස් දැක්වීය.

ඌව පළාත් සභා මැතිවරණයේදී ඩිලාන් පෙරේරා හා නිමල් සිරිපාලද සිල්වා යන ඇමතිවරුන්ගේ ආසන පරාජයට පත් වූ හේතුව පිළිබද ඇමති එස්බී දිසානායක මහතා අදහස් දක්වා ඇත.

‘ඩිලාන් පෙරේරා ඇමතිතුමාගේ පාක්ෂිකයන් බොහෝ දෙනෙක් දකුණු කොරියාවේ රැකියා වලට ගිහිල්ලා. නිමල් සිරිපාල ඇමතිතුමාගේ පාක්ෂිකයන් පත්වීම් ලබා රට පුරා විසිරී ගිහිල්ලා. ඔවුන් මේ ඡන්දයට නොපැමිණි නිසා ඇමතිවරුන්ගේ ආසන මෙවර පළාත් සභා මැතිවරණයේ දී පරාජයට පත් වුනා’ යයි ඔහු සඳහන් කලේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us