නුවරඑළියේ එළවළු සැපයුමේ හිඟයක් නොමැති බව අනාවරණය වෙයි

Published in පුවත්
Monday, 08 December 2025 19:35

නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු සැපයුමේ හිඟයක් නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් කමිටුවේදී අනාවරණය වී තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණි.

එහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඊට ගත යුතු පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා හෙක්ටයාර් 1,421කට හානි සිදුව ඇති අතර, ගොවීන්ට කඩිනමින් වන්දි ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදි නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

වගා හානි සිදුවුව ද නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාළ එළවළු අස්වැන්නෙහි අඩු වීම සියයට 25ක් පමණ වන බව පෙන්වා දුන් නිලධාරීන්, දෛනික එළවළු සැපයුම නුවරඑළිය දිස්ත්‍රික්කයට සිදුකළ හැකි නමුත්, දෛනික ඉල්ලුමෙහි අඩුවීමක් නිරීක්ෂණය වන බව සඳහන් කළේය.

මීට හේතුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු හිඟ බවට මෙන්ම මිල ගණන් ඉහළ ගොස් ඇති බවට පළවන අසත්‍ය පුවත් බව ද එහිදි නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us