දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන

Published in පුවත්
Monday, 08 December 2025 18:13

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද, යටිනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, මැදදුම්බර, පස්බාගේ කෝරලේ, දෙල්තොට, පූජාපිටිය, ගඟ ඉහළ කෝරළය, පන්විල, ගඟවට කෝරළය, උඩපළාත, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, මිනිපේ, දොළුව, තුම්පනේ, අකුරණ, උඩුනුවර සහ පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, ගලිගමුව, මාවනැල්ල, බුලත්කොහුපිටිය, අරණායක, යටියන්තොට, රඹුක්කන සහ වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, මල්ලවපිටිය සහ රිදීගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඊට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, විල්ගමුව, පල්ලෙපොල, අඹන්ගඟ කෝරළය, ලග්ගල පල්ලේගම, උකුවෙල, රත්තොට, මාතලේ සහ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.

මේ අතර දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ, ඌව පරණගම, මීගහකිවුල, බදුල්ල, කන්දකැටිය, බණ්ඩාරවෙල, ස්වරණාතොට, හාලිඇළ, ඇල්ල, ලුණුගල, වැලිමඩ, හපුතලේ, පස්සර සහ හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, රුවන්වැල්ල සහ දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව සහ පොල්ගහවෙල මෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය, හඟුරන්කෙත, මතුරට, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, තලවාකැලේ, නුවරඑළිය, නිල්දණ්ඩාහින්න, හලපනේ සහ කොත්මලේ උතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කොලොන්න සහ ගොඩකවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස නායයෑම් අවදානම් මට්ටමේ අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us