සජිත් එජාප නියෝජ්‍ය නායක ධුරයට

Published in පුවත්
Wednesday, 24 September 2014 07:45

සිරිකොතදී ඊයේ (23 දා) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ නව නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කොට ඇත. උප නායක ධුරය සඳහා රවී කරුණානායක මහතා පත්ව තිබේ.



සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ ආධාරකරුවකු ලෙස සැලකෙන රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පදවියටත්,  මැතිවරණ සම්බන්ධ නියෝජ්‍ය මහලේකම් පදවිය තලතා අතුකෝරල මන්ත්‍රීවරියටත් හිමිව තිබේ. 

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් නියෝජ්‍ය මහලේකම් පදවියකට පත්කොට ඇත.

පුරප්පාඩු වී පැවති එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික පදවියට එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පත්කොට තිබේ.

ඊයේ සිරිකොතේ පැවති කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී මෙම තනතුරු හය සඳහා නම් යෝජනා කොට ඇත්තේ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම වීම විශේෂත්වයකි. මෙම පත්කිරීම් සියල්ල කිසිදු විරෝධතාවක්‌ නොමැතිවම ඒකමතිකව සම්මත වී තිබේ.

මෙහිදී පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පහසු කිරීම පිණිස උපනායක තනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා මහතා ඉල්ලා අස්‌වී තිබේ.


හරින් තනතුරු එපා කියයි :


ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධුරයෙන් තමන්ද ඉල්ලා අස්‌වී එය හරීන් ප්‍රනාන්දු මහතා වෙත ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විඡේවර්ධන මහතා කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට යෝජනා කර ඇත.

එහෙත් තමාට තනතුරු අවශ්‍ය නැතැයි හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ. ඒ සම්බන්ධව පසුව සාකච්ඡා කොට තීරණයකට එළඹෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us