රට පුරා මාර්ග 200කට වැඩි සංඛ්‍යාවක් අවහිරයි Featured

Published in පුවත්
Monday, 01 December 2025 07:53

පස්කඳු හා ගස් කඩා වැටීම් හේතුවෙන් රට පුරා මාර්ග 200කට වැඩි සංඛ්‍යාවක් අවහිර වී ඇති බවත් ඒ හේතුවෙන් එම මාර්ග ඔස්සේ ගමනාගමනය අඩාළවී තිබෙන බවත් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

එසේම පාලම් 10කටද දැඩි අලාභ හානි සිදුව ඇති බව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි පැවසීය.

බොහෝ මාර්ගවලට දැඩි අලාභ හානියක් සිදුව තිබෙන බවත් එම මාර්ග ද යථා තත්ත්වයට පත්කිරීමටද සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බවත් කී ඒ මහතා මේ වනවිට අවහිර වී ඇති මාර්ග ක්‍රමානුකූලව විවෘත කරමින් සිටින බවද පැවසුවේය.

ඒ අනුව අනුරාධපුරයට සහ නුවරඑළියට යන මාර්ග මෙන්ම මහනුවර - බදුල්ල මාර්ගය, ඇල්ල - වැල්ලවාය මාර්ගය, බදුල්ල - මහියංගණය මාර්ගය, මහියංගණය - මහනුවර මාර්ගය, මහනුවර - මාතලේ මාර්ගය, නුවරඑළිය - බදුල්ල මාර්ගය ඇතුළුව මාර්ග 206ක් මෙලෙස අවහිර වී ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් පාලන ආයතන සේවකයන් හා ත්‍රිවිධ හමුදාව එක්ව එම මාර්ගවල පස් ඉවත්කරමින් ඇතත් බොහෝ මාර්ගවල එම කටයුතු සිදු කිරීම දැඩි අසීරු තත්ත්වයකට පත්ව ඇත. පස් කඳු ඉවත් කිරීමේදි ඉහළින් යළි නාය යා හැකි අවදානමක් මතුවීම හා බොහෝ ස්ථානවලට සමීප වීමට හෝ නොහැකි අන්දමින් පස් කඳු කඩා වැටිම් සිදුව තිබීම ඊට හේතුව යැයි ආපදා සහන සේවා කණ්ඩායම් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us