හදිසි වෛද්‍ය ප්‍රතිකාර සදහා ජපානයෙන් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් Featured

Published in පුවත්
Monday, 01 December 2025 07:44

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වය හමුවේ මෙරට ජනතාවට ලබාදිය යුතු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබද සමීකරණයක් සිදුකර, එම තොරතුරු ජපාන රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීම සදහා ජපාන විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමට අමතරව ජපාන රජයේ සම්බධීකරණ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියි.

ඒ අනුව ඔවුන් ලබාදෙන නිර්දේශ මත ශ්‍රී ලංකාවට අවශ්‍ය සම්පූර්ණ වෛද්‍ය කණ්ඩායම, හෙදියන්, උපස්ථායකයින්, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ ඉදිරි දින කිහිපය තුළදී මෙරට ලබාදීමට නියමිතය.

මෙම ජපාන වෛද්‍ය කණ්ඩායම පිළිගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ ශ්‍රී ලංකාවේ සේවයේ නිරත උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us