මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බිරිඳ, නැන්දම්මා සහ මාස තුනක බිලිඳෙකු බව නාවලපිටිය පොලීසිය පැවසීය.
නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ නිවසට පස් කන්ද කඩා වැටුණු බවත්, ප්‍රදේශවාසීන් සහ නාවලපිටිය පොලිස් නිලධාරින් එක්ව අනතුරට පත් වූවන් බේරාගැනීමට විශාල උත්සහයක් ගත්තද එය ව්‍යර්ථ වී ඇති බව වැඩිදුර සඳහන් වෙයි.
මිය ගිය අයගේ මළ සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ තැම්පත් කර ඇත.
අයහපත් කාලගුණයෙන් මේ වනවිට නාවලපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී පවුල් 50කට ආසන්න පිරිසක් ආරක්ෂිත කඳවුරු කරා යොමු කළ බව නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය පවසා තිබේ.

