මගීන් 70 දෙනෙකු සමග බස් රථයක් ජලකදට හසුවෙයි

Published in පුවත්
Friday, 28 November 2025 11:26

අනුරාධපුර පුත්තලම පාරේ කලාවැව පාලම උඩ මගීන් 70 දෙනෙකු සමග බස් රථයක් නතරවී තිබේ.

පැය එකහමාරක කාලයක සිට මෙම බස් රථය අදාළ ස්ථානයේ පවතින බව අද (28) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

ඊට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ,

"ඒ කියපු අනුරාධපුර සිද්ධිය නිවැරදියි. ඒ බස් එකට දැනුම්දීලත් තිබුණා යන්න එපා කියලා. ඒ අනුව හිරවෙලා තිබෙනවා. එතන 60ක් ඉන්නවා කියලා තමයි තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ වනවිට හමුදා කණ්ඩ 2ක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව හෙලිකොප්ටරයක් කැඳව ගන්න බව කිව්වා."

නවතම තොරතුරු -

මගීන් 70ක් සමඟ කලා වැවේ පාලම මත සිරවූ බස් රථය තුළ සිටින මගීන්ගේ ඉනවටක් ජලය පිරී ඇතැයි අනාවරණය වේ.

එහි සිටින මගියෙකු මාධ්‍යට පවසා සිටියේ, නාවික හමුදා බෝට්ටුවක් මගින් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු මුදාගත් බවය.

"කිසිම කෙනෙක් ආවේ නෑ...පැය එක හමාරක් හැමතැනටම කතා කරා"

පැය එකහමාරක කාලයක සිට මෙම බස් රථය අදාළ ස්ථානයේ පවතින බවයි වාර්තාවන්නේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us