චීනයේ වසර 1500ක් පැරණි පන්සලක් ගිනිගෙන විනාශ වෙයි

Published in පුවත්
Friday, 14 November 2025 12:31

ඓතිහාසික සිදුවීම් රැසකට මුල් වූ චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වී තිබේ.

මෙලෙස විනාශවී ඇත්තේ ෂැංජියාගෑං හි ප්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික යොංකිං විහාරස්ථානයේ මණ්ඩපයක් බව සඳහන්.

පසුගිය බදාදා (12) පෙ.ව. 11.24ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, එහි දේව මාළිගයේ තෙමහල් ලී වෙන්චැං මණ්ඩපයෙන් ගින්න හටගෙන තිබේ.

ඉන් අනතුරුව මණ්ඩපයේ කොන්ක්‍රීට් රාමුව පමණක් ඉතිරිව සියල්ල විනාශ වී ඇත.

කෙසේ නමුත් මෙම සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර, චීන බලධාරීන් ගින්නට හේතුව විමර්ශනය කරමින් සිටී.

වසර 1500ක ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානය 536 දී දකුණු ලියැං රාජවංශයේ ෆෙන්ගුවාං කන්දේ ඉදිකරන ලද්දකි.

යුවාන් රාජවංශයට අයත් ෂි නායියන්ගේ ආරාමය වූ වෙන්චැං මණ්ඩපයේ දී චීන සාහිත්‍යයේ විශිෂ්ට කෘති හතරෙන් එකක් ලෙස සැලකෙන 'වෝටර් මාජින්' රචනා කර ඇති බව සඳහන්.

මෙම විහාරස්ථානයේ සිටි භික්ෂූන් වහන්සේලා 1958 වසරේ දී එවක බලධාරීන් නෙරපා හැර ඇති අතර, ඉන් අනතුරුව මෙහි වර්තමාන මණ්ඩපය 1993 දී ප්‍රතිසංස්කරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us